මධ්‍යම අධිවේගයේ දයා ගමගේ Exit එක ….

Date:

මීට දින දෙකකට පමණ පෙර සිට හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා සහ හිටපු අමාත්‍යවරියක වන ඔහුගේ බිරිඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගැවසෙමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

දයා ගමගේ මහතා උදෑසන පටන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ තැනින් තැන දැවටෙමින් සිටියත් මේ වනතෙක්ම අග්‍රාමාත්‍යවරයාට කිට්ටු වෙන්නට අවස්ථාවක් ඔහුට ලැබී නැති බවත් සඳහන්.

ඇත්තෙන්ම දයා ගමගේ යනු අමාත්‍යවරයෙකුව සිටිමින් පසුගිය යහපාලන ආණ්ඩුවට හොඳටම “උදව්” කළ පුද්ගලයෙකි. ඒ කළ උදව් අතරිනුත් හොඳම එක වන්නේ ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයට කළ උදව්වයි. ඔහුට අයිති සමාගමක් එහි එක් කොටසක ඉදිකිරීම් කොන්ත්‍රාතුව භාරගෙන තිබුණු අතර යහපාලන ආණ්ඩුව ගෙදර යන තුරුත් එහි කිසිවක්ම ඉදිකර තිබුණේ නැත. එහෙයින් දයා ගමගේ මහතා දැනට පාර්ලිමේන්තුවේත් නැති නිසා, ඔහුට ඇමතිකමක් දීමටත් නොහැකි නිසා ඔහු කළ ඒ සේවය සලකා බලා මධ්‍යම අධිවේගී මාර්ගය අවසන් වන ස්ථානයේ පිටවීම් දොරටුව “දයා ගමගේ Exit” ලෙසින් නම් කරන්නැයි අපි අග්‍රාමාත්‍යවරයාට යෝජනා කරන්නෙමු.

මීට අමතරව දයා ගමගේ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක සමරතුංග මහතා හමුවී බැංකු කටයුතු සම්බන්ධයෙන් ඒ මහතාට පැය බාගයක පමණ දේශනයක් ද පවත්වා ඇති බවත් වාර්තා විය. එය ද අගය කළයුතු දෙයකි. මන්දයත් දයා ගමගේ යනු බැංකුවලටත් “හොඳටම උදව්” කළ අයෙකු වන නිසාය. ඔහු කළ අතිවිශාල උදව් නොපියවූ ණය වශයෙන් ඇතැම් බැංකුවල ගොඩගැසී තිබිණි. එනිසා යම් හෙයකින් “බැංකු සංවර්ධන” අමාත්‍යාංශයක් පිහිටුවා එය ටිරාන් අලස් මහතාට බාරදෙන්නේ නම් එහි අමාත්‍යාංශ ලේකම්වරයා දයා ගමගේ මහතාව පත්කිරීමටත් අපි යෝජනා කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...