මොරටුව නගරාධිපති, ඩෑන් ප්‍රියසාද් ඇතුළු 04 ක් අත්අඩංගුවට !

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, සීතාවකපුර ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන මහත්වරුන් සහ ඩෑන් ප්‍රියසාද් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාලුමුවදොර විරෝධතාවයට පහරදීමේ චෝදනාව මත සැකපිට මෙම පුද්ගලයන් අත්අඩංගුවට පත්විය.

මෙම සැකකරුවන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමට අදාලව මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද කොළඹ කොටුම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...