බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය ඉරාන් වික්‍රමරත්නට ?

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (17) දිනයේදී ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව පුරප්පාඩු වීමට නියමිත බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා ඉරාන් වික්‍රමරත්න මහතා පත්කිරීමට යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්වීම භාරගත්තේ පසුගිය අප්‍රේල් 29 වනදා ය. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ඉරාන්ගේ පත්වීම පිළිබඳ දැඩි කණස්සල්ල පළකර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඒ, ඔහු සෘජුවම දේශපාලනික චරිතයක් වන නිසා ය.

ඒ අනුව තව මාස තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට සිදුවන අතර එහිදී ඉරාන්ට ඉවතට වීසි වීමට සිදුවනු නියත බවත් සඳහන්.

ඒ අනුව, සජබ සමග දේශපාලන අනාගතයත් පරදුවට තබා ආණ්ඩුවට එකතුවුණු ඉරාන් වික්‍රමරත්න මහතාට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය ලබාදිය යුතු යැයි ආණ්ඩු පක්ෂය තුළින්ම යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...