ධනුෂ්කට එරෙහිව බලහත්කාරය සහ ගෙල සිර කිරීම පමණක් ඉතුරු වේ

Date:

ඕස්ට්‍රේලියාවේදි කාන්තාවක් සමඟ බලහත්කාරයෙන් සංසර්ගයේ යෙදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා හතරෙන් තුනක් අද ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.සිඩ්නි හී ඩව්නිං සෙන්ටර් හී උසාවි සංකීරණයේ සිඳුවන මෙම නඩු විභාගයේ දී ඉහත දැණුම් දීම සිදු වුණේ අද පෙරවරුවේය.ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට දැන් ඇති චෝදනාව වන්නේ අදාළ කාන්තාව සමඟ බලහත්කාරයෙන් සංසර්යේ යෙදීම සහ ඇයගේ හුස්ම හිරවන සේ ගෙල ප්‍රදේශය අල්ලාගෙන පීඩාවට ලක් කිරිමය.

නොවැම්බර් 2 වෙනිදා සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ධණුෂ්කව අත් අඩංගුවට ගැනීම සිඳුවන්නේ නොවැම්බර් 6 වන දා ය.ධනුෂ්ක මෙම චෝදනාව එල්ල වන දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්නට නොහැකි තරමේ ආබාධ තත්ත්වයක පසු වුව ද,කණ්ඩායම් පරිපාලනය ඔහුව ශ්‍රී ලංකාවට එවනු වෙනුවට දිගින් දිගටම කණ්ඩායම සමඟ රැදී සිටීමට අවස්ථාව ලබා දී තිබිණ.ක්‍රිකට් පරිපාලනය එසේ රඳවා තබා ගත් ක්‍රීඩකයා කණ්ඩායමෙන් මිදි වෙනත් තැනකදී කාන්තාවක අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ගැන සළකා මේ වන විට ක්‍රීඩකයාට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කර ඇතත්,ඔහුව නිවැරදිව පාලනයට නතු කර නොගත් කණ්ඩායම් ප්‍රධානීන් සම්බන්ධයෙන් සැළකිය යුතු තීරණයක් ගෙන නොමැත.

මෙම නඩු විභාගය යළි ජූලි 23 දා කැදවීමට තීරණය කර ඇති අතර බොහෝ විට එදිනට අධිකරණය විසින් ධනුෂ්ක ගුණතිලකව වාචික ප්‍රශ්න කිරීමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ ධනුෂ්ක ගුණතිලක (වමේ) සහ ඔහුගේ සොලිසිටර් ඇලන් සහිනොවික් (දකුණ) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට පැමිණි අයුරුයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...