ආසයි බයයි : පෙම්හසුන් ලියා ඉවරයි. දැන් වේලාව කසාදයටයි ….

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නිර්පාක්ෂික රජයට සහාය දැක්වීමට නම් ඉටු විය යුතු කොන්දේසි පනවමින් මීට දින දෙකකට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි දෙකක් යොමුකර තිබිණි.

ඊයේ දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපිවලට පිළිතුරු ලිපි යොමුකර තිබුණේ ඉතාම යහපත් අන්දමින් ප්‍රතිචාර සහිතව එම ලිපිවල කොන්දේසි පිළිගනිමින් සහ රජයට එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කරමිනි.

අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය පක්ෂයටම ද මෙම රජයට එක්වන ලෙස ලිපියක් මුලදීම යොමුකර තිබුණු අතර පක්ෂයක් වශයෙන් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වමින් ලිඛිතව දැනුම් දී තිබුණේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා රජය ගන්නා යහපත් ක්‍රියාමාර්ගවලට තමන් විපක්ෂයේ සිටිමින් සහාය දෙන බව පවසමිනි.

හරීන්ගේත් මනූෂගේත් චම්පිකගේත් තීරණයත් එයම විණි නම් ඔවුන්ට අමුතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි යැවීමට වුවමනාවක් පහළ විය නොහැකිය.

ඒ අනුව ඔවුන් තිදෙනා නව ආණ්ඩුවට එක්වීම සඳහා “ආසයි බයයි” මට්ටමේ සිටින බවත් ජනතාවට පෙනෙන්නට අමුතුවෙන් කොන්දේසි පැනවීමක් කරන බවත් පැහැදිලිව පෙනේ.

එහෙයින් දැන් දේශපාලන පෙම්හසුන් ලියූ කාලය අවසන් කර ඔවුන්ට ඇත්තේ ආණ්ඩුවට එකතු වීමට ය.

මේ සම්බන්ධයෙන් චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකයේ ප්‍රබලයෙකු වන හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබුණේ පහත ආකාරයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...