*
Friday, April 19, 2024
spot_img

Latest Posts

නව කැබිනට්ටුව දිවුරුම් දීම ලබන සතියට කල්යයි ?

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන සතිය දක්වා කල්ගොස් ඇති බවක් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේ පසුගිය මැයි 12 වනදා වන අතර අදට සතියක් ගෙවී ගොස් තිබේ. එහෙත් කැබිනට් මණ්ඩලයෙන් දිවුරුම් දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන සිව්දෙනෙකු පමණි.

නව කැබිනට් මණ්ඩලය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය නියෝජය කරමින් එක්වීමට කැමැත්ත පළකර සිටි ඇතැම් දේශපාලනඥයින් මේ වනවිට වැනෙනසුළු ස්වභාවයකට පත්ව සිටීම මත කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මෙතෙක් කල් ඇදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ලබන සතිය වනවිට ඒ සියලු ගැටලු විසඳාගෙන නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan