පඩි කැපුවොත් බලාගෙනයි !! – වසර දෙකහමාරකට පසු GMOA අවදිවෙයි …

Date:

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකළහොත් ලබන 25 වනදායින් පසු කිසිදු පූර්ව දැනුම් දීමකින් තොව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බරපතළ අනතුරු හැඟවීමක් සිදුකර තිබේ.

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් නිලධාරීන් අතළොස්සකගේ අත්තනෝමතික ක්‍රියාකලාපය ඉසා අසාධාරණ ලෙස සමස්ත සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවකට සූදානම් වෙමින් පවතිනවා. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා මොනයම් වූ ආකාරයකින් මේ කියන වැටුප් කප්පාදුවක් සිදුකළහොත් මැයි මස 25 වෙනිදායින් පසුව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව යොමුවෙන්න. එතෙක් අපි කාලය දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට”

යනුවෙනුයි ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සමස්තයක් වශයෙන් රට තුළ බරපතළ ගැටලු ගණනාවක් මතුවෙමින් තිබුණ ද පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිදු තීරණාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹුණේ නැත. අවම වශයෙන් රටේ බඩුමිල ඇතුළු ගැටළුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් පසුගිය අප්‍රේල් 28 වනදා පැවති එක්දින සංකේත වැඩවර්ජනයට හෝ GMOA සම්බන්ධ වූයේ නැත.

එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා යනු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්කිරීම සඳහා මහත් වෙහෙසක් ගනිමින් කටයුතු කළ අයෙකු වන අතර එම රජයේ කාබනික පොහොර වැඩසටහනට ආධාර අනුබල දුන් ප්‍රධානතම ප්‍රබල චරිතයක් ද විය.

මෙවර ප්‍රශ්නය මතුව ඇත්තේ රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා කළ දැනුම් දීමක් සම්බන්ධයෙනි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරීන් විවිධ අයුරින් ලබාගන්නා අතිකාල දීමනාවන්හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි මේ මස සිට ගණනය කළයුතු බවයි.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...