ඉන්දියාවත් ලංකාවෙ තත්වෙටම වැටිලා – රාහුල් ගාන්ධිගෙන් චෝදනා

Date:

විරැකියාව ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, වාර්ගික ප්‍රචණ්ඩත්වය වැනි කරුණු අතින් ඉන්දියාවද ශ්‍රී ලංකාවේ මට්ටමටම වැටී ඇති බව ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ හිටපු නායක රාහුල් ගාන්ධි මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එතරම් අවදානම් තත්වයකට රට වැටී තිබෙන නමුත් පාලකයන් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට උත්සාහ දරමින් සිටින බවට රාහුල් ගාන්ධි චෝදනා කරනවා.

විරැකියාව අතින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක හා සමාන මට්ටමක ගමන් කරන අතර දෙරටේම ඉහළම අගය 2020 වසරේදී වාර්තා වී තිබේ. කෙසේ නමුත් ඉන්පසු රටවල් දෙකේම විරැකියා අගය පහත වැටී තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම අතින්ද රටවල් දෙකම සමාන බවයි රාහුල් ගාන්ධි පෙන්වා දෙන්නේ. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල ඉහළ යාම බරපතල අර්බුදයක් බවට පත්ව ඇති අතර ඉන්දියාවේද ඉන්ධන මිල ශ්‍රී ලංකාවට ආසන්න අගයකින් පවතී.

2021 වසරේදී දෙරටේම වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...