සටහන: සශිකලා මධුෂාණි
මැයි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ විශාලතම සූර්ය බලාගාරය ඉදිකිරීමේ කොන්ත්රාත්තුවක් දිනා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් ආයෝජකයින් නොමඟ යැවූ බවට ඉන්දීය ප්රකෝටිපතියෙකු වන ගෞතම් අදානිට එරෙහිව පැවති අපරාධ වංචා චෝදනා ප්රතික්ෂේප කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය පියවර ගෙන ඇත.
මෙම නඩුව අතහැර දැමීම වෙනුවෙන් අදානි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට (DOJ) ඩොලර් බිලියන 10 ක ආයෝජනයක් පොරොන්දු වී තිබේ.
හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ මෙම නඩුව ගොනුකරන ලද අතර එක්සත් ජනපද ආයෝජකයින්ගේ වියදමින් සූර්ය බලශක්ති කොන්ත්රාත්තු ලබා ගැනීම සඳහා ඉන්දීය නිලධාරීන්ට ඩොලර් මිලියන 265ක අල්ලස් ලබා දුන් බවට මෙහිදී අදානිට චෝදනා එල්ල කර තිබිණ.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඩොලර් බිලියන 108 ක ඇස්තමේන්තුගත ශුද්ධ වත්කමක් ඇති ලොව 17 වන ධනවත්ම පුද්ගලයා වන අදානි මෑතකදී ඔහුගේ නීති කණ්ඩායමට රොබට් ජේ ගුෆ්රා ජූනියර් පත් කර ඇති අතර, ඔහු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ද වන බවත්, ඔහුගේ මැදිහත්වීම මත මෙම නඩුවෙන් අදානි නිදහස් විය හැකි බවත්, පසුගිය සතියේ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබිණි.

