17 වැනි විජයග්රහණයේ සමරුව සඳහා වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාත් නියෝජ්ය අමාත්යවරුන් දෙදෙනෙකුත් හැර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ වෙනත් කිසිදු දේශපාලන නායකයකුට ආරාධනා නොකළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පවසයි.
ප්රශ්නය – විජයග්රහණයේ සමරුව ජාතික උත්සවයට, යුද්ධය නිමාවන කාලයේ ඒකට නායකත්වය දුන්න රාජ්ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනා කිරීමක් කළේ නැද්ද ? එහෙම කළේ නැත්නම් ඇයි ඒ ?
“මේ සඳහා ආරාධනා කරලා තියෙන්නෙ, ඇත්තටම ගත්තොත් සහභාගී වෙන්නෙ ජනාධිපතිතුමා, ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර මැතිතුමා සහ මහජන ආරක්ෂක අමාත්යතුමා වෙනුවට නියෝජ්ය අමාත්යතුමා. ඒ අය තමයි අමාත්යවරුන් විදියට සහ ජනාධිපති විදියට මැදිහත් වෙන්නෙ. අනිත් අය ත්රිවිධ හමුදාවෙ, පොලීසියෙ අය. ඊට අමතරව වෙනත් අයට දේශපාලන අධිකාරියේ කාටවත් ආරාධනා කරලා නෑ”
අමාත්ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුව අමතමිනි.


