විමල් අත්අඩංගුවට ??

පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකය අසලදී ඊයේ (18) සිදුවූ සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පොලීසිය විසින් හෙට (20) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

අයුතු ජනරාශිය සහ රාජකාරියට බාධාකිරීම යන චෝදනා යටතේ මෙසේ වීරවංශ මහතාට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ දිනයේදී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට රණවිරු ස්මාරකය අසලට පැමිණීමට ඉඩනොදීම හේතුවෙන් නොසන්සුන්තාවක් හටගත් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය. පොලිස් නිලධාරීන් තල්ලු කරමින් ඉදිරියට යාමට වීරවංශ මහතා උත්සාහගත් අවස්ථාවේදී ඔහු බිම ඇද වැටෙනු ද දැකගත හැකිවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...