ඩෙංගු අවදානම වැඩි වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මේ අවස්ථාවේ රටේ පවතින අවදානම් තත්ත්වය හමුවේ , ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට දැනුම් දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

පළාත් ආණ්ඩුකාරවරුන් පළාත් පාලන කොමසාරිස්වරුන් මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කැඳවා මෙම උපදෙස් ලබාදුන් බවරාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළ අතර , ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සාමාන්‍ය ජනතාවද සක්‍රීයව මැදිහත්වීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේ ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නේ ,  රෝහලට ඇතුළත් වන ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඇති අතර ,  මේ වනවිට රෝගය වැළඳුණු ළමුන් 43 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 57 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් තත්වයක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන අතර මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,801 කි. ඉන් වැඩිම පිරිස  බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...