*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

රනිල් දුෂ්කර දේශපාලන චාරිකාවක,

සමගි ජන බලවේගය 2024 ජනාධිපතිවරණයේ තමන්ගේ අපේක්ෂයා විදිහට සජිත් නම් කරලා.මොකද එක පාරට සජබෙට එහෙම කඩි කුලප්පුවක් හැදුනේ. රටේ රාළ හිතන්නේ ඒක සජබය ඇතුලේ තියන දේශපාලන අර්බුදය ගැන යොමුවෙන මහජන අවධානය වෙන පැත්තකට හරවන්න කරපු වැඩක් කියලයි.සජිත් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් විදිහට පිලිගනිමින් සංවාදයක් ගොඩනගන්න තවමත් කල් වැඩියි.ඇත්තටම ඒක තේරුමක් නැති වැඩක්.රටේ රාළ කියන්නේ ජනාධිපතිවරණ පොර පිටියේ දැනට ස්ථාවර අපේක්ෂකයෙක් විදිහට ඉන්නේ රනිල් විතරයි කියලයි.අනිත් සියලු අපේක්ෂකයෝ තවමත් ඉන්නේ Pending තත්වයේ.ගොඩක් අය රටේ රාළ කියන මේ කතාව පටලගෙන ඉන්න බවත් පේනවා.

රටේ රාළ කියන්නේ රනිල් ජනාධිපතිවරණය දිනනවා කියලා නෙවෙයි.ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙන් එක්කෙනෙක් රනිල් කියලා විතරයි. විපක්ෂය පැත්තේ රනිල් එක්ක තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයා වෙන්ඩ දිඟ පෝලිමක් තියනවා. ඒකෙන් කැපිලා,කෙටිලා එන්නේ කවුද කියන එක දැන්මම කියන්න බෑ.දැනට ඉන්න අයගෙන් ඉස්සරහින් ඉන්නේ අනුර සහ සජිත් බව ඇත්ත.එතනින් කෙනෙක් එනවා නම් ඒ දෙන්නගෙනුත් එක්කෙනෙකුට විතරයි රනිල් එක්ක තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයා වෙන්න පුළුවන්.රනිල්,අනුර,සජිත් එක පෙලට තියලා හිතුවොත් රනිල්ගේ අපේක්ෂක ප්‍රශ්නය විසදිලා තිබුණත් ජනාධිපතිවරණ සටනේ වැඩිම දුෂ්කර තැනක ඉන්නේ රනිල්.රනිල්ගේ අවස්ථාව ෂුවර් උනාට ජයග්‍රහණය ෂුවර් නෑ.ජයග්‍රහණයට සාපේක්ෂව දුෂ්කරම තැන ඉන්නේ රනිල්,රටේ රාළ ඒක විග්‍රහය කරන්නේ මෙහෙමයි.දැන් රනිල් හදන්නේ සියල්ල ගොන් පාට් කරමින් මේ අවුරුදු එක හමාර ඔහොම ගිහින් ජනාධිපතිවරණයට යන්න.

රනිල්ට ජනාධිපතිවරණය කල්දාන්න කොහොමවත්ම බෑ.එහෙම උනොත් රට ආයෙත් ගිණි ගන්නවා.රනිල්ට ජනාධිපතිවරණය දිනන්න නං ඒ දක්වා කාලය ඇතුලේ ජනතා විශ්වාසය දිනාගන්න ඕනි.දැනට රනිල්ට එහෙම එකක් නෑ.දැන් රනිල්ගේ ඡන්ද ප්‍රතිශතය තියෙන්නේ 15% ක් වගේ සීමාවේ. රනිල්ට දිනන්න නං ඒක තවත් 36% කින්වත් උත්සන්න ඕනි.අනුර සහ සජිත් ගත්තොත් ඒ දෙන්නා අතර ලොකු පරතරයක් නෑ. ජනාධිපතිවරණයක් නිසා ඒ දෙන්නා 25% වගේ සීමාවක ඇති.එතනත් 26% කින්වත් එක්කෙනෙක් උස්සන්න ඕනි.එතකොට මේ කාලපරිච්ඡේදය ඇතුලේ ජනතා විශ්වාසය දිනාගන්න එයාලා සම්පුර්ණ කරන්න ඕනි ලොකු වැඩ කොටසක් තියනවා.මොකද ජනාධිපතිවරණය ආවට පස්සේ දෙන්නං කාසිවලට ජනවරමක් ඉල්ලන්න බෑ.විශේෂයෙන් රනිල්ට බෑ.රනිල් ඒ දක්වා කරපුවා පෙන්නලා තමයි ජනතාවගේ කැමැත්ත ඉල්ලන්න වෙන්නේ.දැන් රනිල් එජාප නායකයා විදිහට වැඩ නොකර මධ්‍යස්ථ හැඩයෙන් වැඩ කරන එක හොඳයි.හැබැයි ඒකෙන් කියන්නේ නෑ දැන් රනිල් සම්පුර්ණයෙන්ම නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ දෙනවා කියලා.

රනිල් ඊළග ජනාධිපතිවරණය දිනන්න අවශ්‍ය ආම්පන්න ටික මේ කාලය ඇතුලත එකතු කරන්න ඕනි.රනිල්ට තියන ප්‍රධාන අභියෝගය ඒක.කොහොමද ඒ ආම්පන්න ටික එකතු කරගන්නේ සහ කොහොමද ජනතා ආකර්ෂණය දිනා ගන්නේ කියන එක.රටේ රාළ මෙතනදී ආම්පන්න කියලා හදුන්වන්නේ රනිල්ගේම වෙච්චි කණ්ඩායමක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකයි.රනිල්ට ඕනි නං ඔය යන විදිහට පොහොට්ටුවත් එක්ක රන්ඩු වෙවී යන්නත් පුළුවන්.රනිල් පොහොට්ටුවත් එක්ක යනවා නං පොහොට්ටුවට තියන සමාජ අප්‍රසාදය ඇතුලේ රනිල්ට මතු වෙන්න තියන ඉඩ ඉතාමත් අවමයි. රනිල්ට ජනතාව ඉස්සරහට එන්න වෙන්නේ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව ඉෂ්ඨ කරපු රනිල් රාජපක්ෂ විදිහට.එතකොට ජනතාව පළවෙනි මොහොතේම රනිල්ව අතෑරලා විපක්ෂයේ ඉස්සරහින් ඉන්න අපේක්ෂකයා තෝර ගන්නවා.එතනදී අනෙක් සියලු කාරණා ද්වීතීක වෙලා ජයග්‍රහණය කියන සාධකය මත පමණක් සමාජ බලවේග විපක්ෂ අපේක්ෂකයා වටේට පෙල ගැහෙනවා.

රනිල් ඉන්න තත්වයත් එක්ක හිතුවොත් රනිල්ට තව Opsation එකක් තිබුණත් ඒකට යන එක අධි අවධානම්.ඒ කියන්නේ රනිල්ට තමන්ගේ ගොඩ හරියටම වෙන් කරගන්න ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුලුවන්. හැබැයි එතනදී රනිල් එක්ක ඒකාබද්ධ වෙන කණ්ඩායමට ජයග්‍රහණයක් නැති උනොත් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා රනිල් විසිවීමේ අවධානමක් තියනවා.ආණ්ඩුවේ හා එජාපයේ ස්වභාවයත් එක්ක හිතද්දී රනිල්ගේ කණ්ඩායමට මහ මැතිවරණයක ලොකු ජයග්‍රහණයක් ගන්න බෑ. රනිල්ට දැන් ඉතිරි වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයට මෙහා පරාජයක් පේන්න ඉඩක් නොතියා කෙලින්ම ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න.මෙතනදී රනිල්ගේ කට්ටිය කවුද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම එනවා.රනිල් පොහොට්ටුවේ හිරකාරයෙක් විදිහට ආවොත් අනිවාර්යයෙන්මත් පරදිනවා.දැන් ඔයාලට තේරෙනවා ඇති රනිල් මුහුණ දෙන්නේ මොන වගේ දුෂ්කර අභියෝගයකටද කියලා.

ඊළග ජනාධිපතිවරණයට රනිල් එනවා නම් රනිල්ගේ ඉලක්ක සහ අරමුණ එක්ක හැදුණු දේශපාලන බලවේගයක් ඉන්න ඕනි.එහෙම එකක් රටට පේන්න ඕනි.හැබැයි ඒක පොහොට්ටුව නෙවෙයි.ඒක පොහොට්ටුව මත පදනම් වෙච්චි බලවේගයක් වෙන්නත් බෑ. පොහොට්ටුවේ අය ඒක ඇතුලේ ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයි.මේ තත්වය උඩ රනිල් දැන් ඉන්නේ මඟ හිටියොත් තෝ නහී ගෙදර ගියොත් අඹු නහී කියන තැනක.මහ මැතිවරණය හරහා යන්න ගියොත් රනිල්ට දැවැන්තම අභියෝගය වෙන්නේ සජබය නෙවෙයි ජවිපෙයි. සජබයේ මේ කඩා වැටීමත් පාවිචිචි කරගෙන ජවිපෙට මහ මැතිවරණයක් ළගදී ශක්තිමත්ව නැගිටින්න පුළුවන්.මහ මැතිවරණයක් තිබ්බොත් ජවිපෙ ලොකු බලයක් ගන්නවා.ඒක රනිල්ට විතරක් නෙවෙයි කාට කාටත් ලොකු බැරියර් එකක් වෙන එක නවත්තන්න බෑ. එතනදී ජවිපෙට ආණ්ඩුව ගන්න බැරි උනත් විපක්ෂයේ බලය අත්පත් කරගන්න පුළුවන්.

විපක්ෂයේ බලයත් එක්ක ඊළග ජනාධිපතිවරණයට යන එක උනත් ජවිපෙට හොඳටම ප්‍රමාණවත්. ජවිපෙ බලය ගැනීමෙන් මේ රටට වෙන සෙතක් නෑ.ඒක තමයි රටේ රාළගේ මතය.ඒත් දැන් මහ පොලොවේ තියන යථාර්ථය කියන්න රටේ රාළට ඒක බාධාවක් කරගන්නේ නෑ.ජවිපෙ උපක්‍රම නොදියුණු උනාට අනිත් අයගේ උපක්‍රම ඊටත් වැඩිය නොදියුණුයි. ජවිපෙ උපක්‍රම පරාජය කරන්න පුළුවන් විඥානයක් තියන අය සජිත් ළඟ නෑ,රනිල් ළඟත් නෑ. එහෙනං රනිල් මහ මැතිවරණ පැත්ත දිහා බලන්නේවත් නෑ කියන එක තහවුරුයි.රනිල් එන්නේ කෙලින්ම ජනාධිපතිවරණයට.ඒක මහ මැතිවරණය හරහා එන එක තරම් අවධානමක් නැතිවුනත් ඒකත් රනිල්ට මාරාන්තිකයි.ඒකයි රටේ රාළ කියන්නේ 2024 රනිල්ගේ ජනාධිපති හීනය සුන්දර හීනයක් නෙවෙයි කියලා.හැබැයි මේ සියල්ලටම උත්තර තියෙන්නේ රනිල් අතේම තමයි.ඒ රට යථා තවත්වයට පත්කරමින් ජනතාව නගා සිටුවීම ඇතුලේ විතරයි.ඒකට තව අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියනවා.රනිල්ගේ සුපුරුදු තග් පාට් එකෙන් විතරක් නං මෙතනින් එහාට යන්න බෑ.එක එක තැන්වලදී ජනතාව තඟට යට උනාට දිගම රනිල්ගේ උත්තරය තඟ නං ඒකට විරුද්ධව නැගිටින්න වෙනස් ක්‍රම ජනතාව හොයා ගන්නවා.

ඊළගට මේ ක්‍රියාවලිය ඇතුලේම විවිධ කුමන්ත්‍රණ සිද්ධ වෙන්න පුළුවන්.විශේෂයෙන්ම ජාතිවාදී හා ආගම්වාදී කුමන්ත්‍රණ උඩට එන්න පුළුවන්.මොකද රාජපක්ෂලාට ජනතාව අතරට ගිහින් දේශපාලන කරන්න තවදුරටත් ඉතිරිවෙලා තියෙන්නේ ආගම්වාදය සහ ජාතිවාදය විතරයි.රනිල්ට මුවා වෙලා ඉන්න රාජපක්ෂලා ඒ වගේම විනාශකාරී කුමන්ත්‍රණ ඕනිම වෙලාවක දියත් කරන්න පුළුවන්. ගෝඨාභය බලයට ආවේ ඒ වගේ කුමන්ත්‍රණයකින්.ඔයාලා දන්නවා පහුගිය දවසක කොළඹට එක පාරට දස දහස් ගනණක් පොලිස් හා භමුදා සේනාංකය කැදවලා තිබුණා.ඒක බුද්ධි තොරතුරු මත කරපු වැඩකටත් වඩා ඒක රියර්ෂල් එකක්ද කියන සැකය රටේ රාළට තියනවා.මේ වගේ දේවල් ගැනත් ජනතාව උනන්දුවෙන් ඉන්න වෙනවා.රනිල් ආයෙත් ප්‍රතිසංවිධාන වෙන්න උත්සාහක් දරන බව පේනවා.ජනතාවට පොඩි පොඩි සහන ටිකක් දෙන්න උත්සහ කරන බව පේනවා.රනිල්ගේ ජපන් සංචාරයකුත් හෙට අනිද්දට යෙදිලා තියනවා.

රනිල් ජපානයේ ගිහින් මල්ලක් පුරෝලා අරන් එන්න හිතාගෙන ඇති.ඇත්තටම දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය සංකීර්ණ අපභ්‍රංශයක් වෙලා.ඒ අපභ්‍රංශය ඇතුලේ තවමත් රනිල්ගේ ඉඩ ඉතිරි වෙලා තියනවා. ඒක ගන්න නොගන්න එක රනිල්ගේ වැඩක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan