පැසිෆික් සාගරයේ 7,7ක භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

Date:

පැසිෆික් සාගරයේ කිලෝමීටර් 37ක් (සැතපුම් 23ක්) ගැඹුරින් වාර්තා වූ රිච්ටර්මාපකාංග 7.7ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශය විසින් පැසිෆික් සාගරයේ රටවල් සඳහා සුනාමි අනතුරු අඟවීම් නිකුත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගොඩබිමට සුනාමි තර්ජනයක් නොමැති නමුත් ටස්මන් මුහුදේ සිඩ්නි සිට කිලෝමීටර 780 ක් (නාවික සැතපුම් 421) ඊසාන දෙසින් පිහිටා ඇති ලෝඩ් හෝව් දූපත තර්ජනයට ලක්ව ඇති බවයි.

නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය විසින් නිවේදනය කර තිබුණේ, වෙරළ ප්‍රදේශවලින් සහ වරායන්, ගංගා හෝ මෝයවලින් ඉවතට යන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇති බවයි.

මීට අමතරව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ ෆීජි, කිරිබති, පැපුවා නිව්ගිනියාව, ගුවාම් සහ අනෙකුත් පැසිෆික් දූපත් සඳහා කුඩා රළ ඇතිවීමේ අවධානමක් ඇති බවයි.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...