ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයක් ​​දැඩි මීදුමක් සහිත කඳුකරය තරණය කරමින් සිටියදී ඊයේ(19)දිනයේ කඩා වැටුණු බවත්, අධික මිදුම හේතුවෙන් අනතුර සිදුව ඇති ස්ථානයට ළඟා වීම අසීරු කර ඇති බවත්, අනතුරෙන් පසු රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්ඩොල්ලාහියන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රොයිටර් වාර්තා කර තිබේ.

ඉරාන-අසර්බයිජාන් දේශසීමා ප්‍රදේශයේ සිට ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටැබ්‍රිස් නගරයට යමින් සිටියදි මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ ප්‍රදේශය අධික සිතල , වැසි සහ මීදුම සහිත කාලගුණික තත්ත්වයක් ඇති බවත්, වැස්ස ටිකෙන් ටික හිම බවට හැරවීමත් සමඟ මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇති බවයි.

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA පැවසුවේ රයිසි එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කළ බවත්, ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හමුදාවේ සහ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂක භටයින්ගේ සියලු සම්පත් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලෙස නියෝග කළ බවයි.

මෙම අනතුර අසල්වැසි රටවල කනස්සල්ලට හේතු වී ඇති අතර තුර්කිය ඉරාන බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ඩ්‍රෝන යානයක්, හෙලිකොප්ටරයක්, වාහන සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති අතර යුරෝපා සංගමය හදිසි චන්ද්‍රිකා සිතියම්කරණ තාක්ෂණය ඉදිරිපත් කර තිබේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ, 85 හැවිරිදි උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනිගේ ඉදිරි වසර කිහිපය තුළ පාලන තන්ත්‍රයේ විශාල වෙනසක් සඳහා දැනටමත් සූදානම් වෙමින් සිටි අවස්ථාවක ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...