(VIDEO)රාජ්‍ය ආයතන පාඩුයි කියන්නේ පට්ටපල් බොරුවක්.අපෙන් හොඳට හම්බකරගන්නවා – චම්පික

Date:

කොළඹ LNW:රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම සඳහා ඇතැම් ආයතන පාඩු ලබන බව පැවසීම පට්ටපල් බොරුවක් වන අතර රජයේ ප්‍රධාන ආයතන ජනතාවගෙන් හොඳට හම්බකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ අනුව මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක ලාභය පමණක් කෝටි 80,000ක් බවයි රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පසුගිය රජයන් විසින් ද ගෙන ගිය සෑම පෞද්ගලීකරණ වැඩසටහන්කම සාර්ථක නොවුණු අතර හැමදෙයකටම තෛලය පෞද්ගලීකරණය නොවන බව හෙතෙම සඳහන් කරන ලදී.

කෙසේවෙතත් එක්සත් ජනරජ පෙරමුණ විසින් රජය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ.

රණවක මහතා මෙම අදහස් පළකළේ එක්සත් ජනරජ පෙරමුණු මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...