තරගාවලිය නිමාවන මොහොතේ ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදී බංගලාදේශයට බැට දෙයි

Date:

නිශ්මං රණසිංහ මැයි 20, කොළඹ LNW:

බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ බේස්බෝල් පරිපාලනයේ වරදට පරාජයේ අවමන් දරන්නට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් තරගාවලියේ පස්වන තැන වෙනුවෙන් මුහුණ දුන් තරගයෙන් බංගලාදේශය පරදා ලකුණු 18 – 0 ක් ලෙස ජය ගැනීම අගය කළ යුතුය.ඇෆ්ගනිස්තානය සමඟ වූ තරගයේ දී එක ලකුණකින් ජය ගත් ශ්‍රී ලංකාව බංගලාදේශයට එරෙහිව ලැබූ මේ ජය තරගාවලියේ අවසාන මොහොතේදී ශ්‍රී ලංකාව සිය ජයග්‍රාහී රිද්මයට අපහසුවෙන් ළගා වූ බව පෙන්වන සාධකයකි.


එය වඩාත් තහවුරු වන්නේ බංගලාදේශය තරගයේ හයවන තැනට පත් වෙමින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ දැවන්ත ප්‍රහාරය නිසාය.තරගයෙන් තරගයට,ඒ දිනට සහ මොහොතට අනුව කණ්ඩායමක දක්ෂතාවය වෙනස් විය හැකි බව සිද්ධාන්තයක් ලෙස හැඳින්වුව ද කම් නැත.එහෙත් වඩාත් වැදගත් වන්නේ බංගලාදේශය ඇෆ්ගනිස්තානයට එරෙහිව කිසිඳු ලකුණක් නොදී ලකුණු 21 ක් රැස් කිරීමය.එයින් ඇෆ්ගනිස්තානයට පෙර ශ්‍රී ලංකාවට පරාජය වූ අයුරුද,ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය පරාජය කළ ආකාරයද සිතන විට ශ්‍රී ලංකාව බංගලාදේශ තරගය වන විට තමන්ගේ සිත් තුළ තිබුණ පීඩනයෙන් මිදෙමින් යථා තත්ත්වයට පත් වි ඇති බව පැහැදිළි කළ බව අපේ අදහසය.


තමන් නියෝජනය කරන ක්‍රීඩාවේ පරිපාලනයට මුදල් නැති බව මේ ක්‍රීඩකයෝ දනිති.එවැනි වැඩ පිළිවෙලක් සැකසී නැති අතර ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශය ඊට මැදිහත් කර ගැනීමට පරිපාලනය නිවැරදි කාල රාමු සැළකිල්ලට ගෙන ක්‍රියා කළ යුතු වුව ද,එය සිඳු නොකළ නිසා ක්‍රීඩකයන්ට අවශ්‍යය පුහුණුව පසෙක තබා මේ සංචාරයේ වැදගත්කම සළකා ඒ වෙනුවෙන් මුදල් සොයන්නට මහන්සි වේනට සිඳු විය.එහි ප්‍රතිපලයක් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ පසුපසට ඇදිණ.ක්‍රීඩා අමාත්‍යංශය මේ සංචාරය සඳහා බේස්බෝල් පරිපාලනය නිවැරදි කාල රාමුවක් යටතේ කටයුුතු නොකළ බව අමාත්‍යංශයම අප වෙබ් අඩවියටද ප්‍රකාශ කළ අතර ඒ නිසා අවශ්‍යය අනුග්‍රාහක වියදම් ලබා දීමට නොහැකි වූ බව ද කීවේය.


අමාත්‍ය කාර්ය මණ්ඩලයෙන්ම සනාත කළ තොරතුරු අනුව දැන් යෙදී ඇත්තේ මේ කණ්ඩායමට සංචාරය සඳහා අවශ්‍යය අනුග්‍රාහකත්වය ලබා දීමට අමාත්‍යංශයට නිවැරදි මොහොතේ තොරතුරු ඉදිරිපත් නොකළ පිරිසගෙන් නිදහසට කරුණු විමසීමය.ඒ නිසා රටේ බේස්බෝල් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තිබෙන තත්ත්වයෙන් පහතට වැටුණු අතර එවැනි තත්ත්වයකට රටේ ක්‍රීඩාව ඇඳ වැටීමට වගකිව යුත්තේ පරිපාලනයනම් ඊට එරෙහිව ක්‍රියා මාර්ගයක්,කරුණු විමසීමක් කළ යුතු නැද්ද යන්න අමාත්‍යංශය කල්පනා කළ යුතුය.
හෙට තරගාවලිය නිමා කරන්නට සූරතාවය වෙනුවෙන් පකිස්තානය සහ පලස්තිනයත් තෙවන සහ සිව්වන ස්ථාන වෙනුවෙන් ඉරානය සහ ඉන්දියාවත් තරග වඳිනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...