මාලිංගාරේ රන්සිළු පොළොන්නරුවෙන් ප්‍රේමදාසයට

Date:

නිශ්මං රණසිංහ මැයි 20, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ක්‍රිකට් ගමට’ වැඩසටහනේ දක්ෂයන් සොයා යන ගමනේදී පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ පසුගියදා සිදුකරන ලද දක්ෂතා ගවේෂණ වැඩසටහනේදී, දාසය හැවිරිදි රන්සිළු අමන්ද නම්, පැයට කිලෝ මීටර 125 ක වේගයකින් පන්දු යැවීමේ හැකියාව ඇති ගැටවරයෙකු සොයා ගන්නට හැකි වෙනවා.ලසිත් මාලිංග ආරේ අත භාවිතා කරන පන්දු යවන්නෙක් වන රන්සිළු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ජාතික උසස් දක්ෂතා මධ්‍යස්ථානයේදී ජාතික පුහුණුකරුවන් යටතේ පුහුණු සැසියකට එක් කිරීමට පියවර ගනු ලැබුවා.

දඹුල්ලෙහි පිහිටුවා තිබෙන උසස් තාක්ෂණ මධ්‍යස්තානය සහ පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වේග පන්දු යවන්නන් සොයා යෑම වෙනුවෙන් වූ දක්ෂතා ගවේෂණ වැඩසටහන හරහා රන්සිළු හඳුනාගත් වැඩ සටහන සංවිධානය කර තිබුණා.ගම්වලින් සොයාගන්නා එවන් දක්ෂතා සහිත ක්‍රීඩකයින් ඔප දමමින් ඉදිරියට ගෙන යාම සදහා සුවිශේෂී වූ ක්‍රිකට් ගමට වැඩ සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාපනය කොට තිබෙන අතර රන්සිළු ද එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...