රුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..

Date:

රුසියාවට එරෙහිව යුක්රේනය විසින් ගොනු කළ පළමු යුධ අපරාධ නඩුව පිළිබඳ මීට පෙර අප විසින් තොරතුරු ගෙනැවිත් ඇත.ඒ, 21 හැවිරිදි රුසියානු සොල්දාදුවෙක් වන සාජන්ට් වදීම් ෂිෂිමරින් විසින් ඔලෙක්සැන්ඩර් ශිපිලොව් නමැති නිරායුධ සිවිල් වැසියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට හවුල් වීම හා එයට අණ ලබාදීම පිළිබඳ සිද්ධියයි.

සිය ජංගම දුරකථනයෙන් කතා කරමින් දුර බැහැර මාවතක පාපැදියෙන් යමින් සිටියදී සාජන්ට් වදීම් සහ ඔහුගේ කණ්ඩායම කිසිදු හේතුවක් නැතිව ඔහුට වෙඩි තබා තිබිණි.

පසුව සාජන්ට් වදීම් පැවසුවේ යුක්රේන පාර්ශවය ඔවුන් සිටින ස්ථානය දැන ගැනීමට ඉඩ ඇති නිසා මෙම වෙඩි තැබීම කරන ලෙස අණ කළ බවයි.

62 හැවිරිදි නිරායුධ සිවිල් වැසියා සිය පාපැදිය මතම මැරී වැටුණේය.

කෙසේ නමුත් පෙබරවාරි 28 දා හටගත් මෙම සිද්ධියට වදීම් අධිකරණයේදී වරද පිළිගත්තේය.

ඊයේ දිනයේ මෙම නඩුව අසනු ලැබුවේ යුක්රේනයේ කිව් අගනුවර දිසා අධිකරණයේදී ය.

62 හැවිරිදි නිරායුධ සිවිල් වැසියා ඝාතනයට තමන් වරදකරුද නිවැරදිකරු ද යැයි අධිකරණය ඔහුගෙන් ඇසුවේය.

එහිදී සාජන්ට් වදීම් තමන්ගේ වරද පිළිගත්තේය.

වරද පිළිගත් විට දඩයක් ගසා එළියට දැමීම හෝ අඩු දඬුවමක් නියම කිරීම ලංකාව වැනි රටවල අධිකරණ පරිචය වන නමුත්, මෙම හයි-ප්‍රොෆයිල් නඩුවේදී (යුක්රේන යුද්ධයේ පළමු යුධ අපරාධ නඩුවේදී) එය එසේ නොවිණි.

ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

අධිකරණයට පැමි සිටි සාජන්ට් වදීම් ෂිෂිමරන්ගේ හිස බිමට නැඹුරු වී තිබිණි.

අධිකරණ ශාලාවේ මිය ගිය සිවිල් වැසියාගේ වැන්දඹු බිරිඳ ද වූවාය.

ඔහු ඇගෙන් සමාව ඉල්ලූයේ මෙසේ කියමිනි.

”සිද්ධ වෙච්ච දේට මම සමාව ඉල්ලනවා. මම මේ දෝෂාරෝපණය භාරගන්නවා. මට සමාව දෙන්න..”

යුධ කාමීන්ට වචනයෙන් දෙන සමාව පිළිබඳ ලෝකය දැන් විශ්වාස කරන්නේ නැත.

එනිසා, සිය මුළු මහත් ජීවිතය පුරාම එහි පසුතැවිල්ල විඳවමින් විඳීමට 21 හැවිරිදි තරුණ සාජන්ට් ෂිෂිමරන්ට දැන් සිදුව තිබේ.

පුටින්ගේ උන්මත්තක යුධ කාමයට බිලි වූ තවත් එක් තරුණ ජීවිතයක කතාන්දරයයි, මේ.

පෙර ලිපිය

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...