මේ කන්නයට පොහොර නෑ. අගෝස්තුවේ සිට ආහාර හිඟයක් ඒවි – අගමැති රනිල්

Date:

එළඹෙන කන්නය සඳහා වීවගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිමේ සම්භාවිතාවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර ස්කයි නිව්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රශ්නය – වර්තමාන තත්වයට වගකිවයුත්තේ කවුද ?

“පසුගිය පාලනය තමයි වගකියන්න ඕනෑ. මීට පෙර සිදුව නැති අන්දමින් අපි බංකොලොත්භාවයකට පත්වෙලා තිබෙනවා. අපට ඩොලරුත් නෑ, රුපියලුත් නෑ”

ප්‍රශ්නය – ජනාධිපතිවරයා තවමත් බලයේ රැඳී සිටිනවා. ඔහුගේ සහෝදරයා අගමැතිකමෙන් ඉවත් වෙලා. කෙසේවෙතත් පසුගිය දශක දෙකක් රට පාලනය කළේ ඔවුන්ගේ පවුලයි. ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුද ?

“එය මතභේදාත්මක තත්වයක්. ගෝල්ෆේස් පිටියේ සිටින ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියා. අනිත් පැත්තෙන් නීතිඥ සංගමය කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි කියා. ඔවුන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමක් ගැන කිසිවක් කියා නෑ”

ප්‍රශ්නය – මේ වනවිට රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙනවා ?

“තරුණයින් දකිනවා ඔවුන්ගේ අනාගතය උදුරාගෙන කියලා. ඒ වගේම වැඩිහිටියනුත් පීඩාවට පත්ව සිටිනවා. මධ්‍යම පාන්තිකයින්ගේ ජීවන මට්ටම කඩාවැටෙමින් තිබෙනවා. ගොවීන් පොහොර නැතිව පීඩාවට පත්වෙලා. ඔබ ඔය දකින උද්ඝෝෂණය ( අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් පෙන්වයි ) සිදුකරන්නේ සටන්කාමී තරුණ කණ්ඩායමක්, ඔවුන් සාමාන්‍යයෙන් වසර මෙවැනි උද්ඝෝෂණ පහක් – හයක් කරනවා. ජල ප්‍රහාරවලට ලක්වීමත් ඔවුන්ගේ ඉලක්කයක්. නමුත් එයින් කියවෙන්නේ නෑ ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණ නැහැයි කියලා. උද්ඝෝෂණ තියෙනවා. ඒ ජනතාවට තවදුරටත් පීඩනය දරාගන්න බැරි නිසා. ඇත්ත වශයෙන්ම අපි ඉන්නේ එතරම් ස්ථාවර තත්වයක නෙවෙයි. මේ කන්නයේ වීවගාවට පොහොර නෑ. ඒ නිසා සහල් නිෂ්පාදනය අඩුවේවි. ඒ නිසා අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. අපි බලන්න ඕනෑ ලබන අවුරුද්දේ මාර්තු පමණ වනතෙක් ජීවිත රැකගන්නේ කොහොමද කියලා”

“අපට ණය ආපසු ගෙවීමට මුදල් නෑ. අපි එය පිළිගත යුතුයි. මම ඒ ගැන ලැජ්ජාවට පත්වෙනවා. නමුත් එය තමයි යතාර්ථය. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වෙමින් ඉන්නවා, නමුත් ඊට කාලයක් ගතවෙනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...