ලිට්‍රෝ සමාගමට වහාම කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු පත් කරන්න – කෝප් කමිටුවෙන් නියෝගයක්

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමට වහාම කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු පත් කරන ලෙස පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව අද (20) රජයට නියෝග කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කරන ලෙස පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ඉල්ලීමක් අනුව අද පෙරවරු 11.00ට ඔවුන්ට කෝප් කමිටුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණු ඒ සඳහා සමාගමේ ඉහළ නිලධාරීන් සියලුම දෙනා සහභාගී වී ඇත.

එහිදී සමාගමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සියලු තොරතුරු සාකච්ඡාවට ගෙන ඇති අතර එයින් අනාවරණය වී ඇත්තේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතාම එහි කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙහි ද වැඩබැලීම තුළ ගැටලුසහගත තත්වයන් උද්ගත වී ඇති බවයි.

ඉංජිනේරු විජිත හේරත් මහතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ද සභාපතිවරයා වන අතර ලිට්‍රෝ සමාගමේ විශාලතම පාර්ශ්වකරුවා වන්නේත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම නිසා නිල බලයෙන්ම ඒ මහතා ලිට්‍රෝ සමාගමේත් සභාපතිවරයා වී සිටී. ඊට අමතරව මේ වනවිට ඒ මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙහි ද වැඩබලන අතර ඒ තුළ ප්‍රායෝගික ගැටළු මතුවී තිබේ.

මන්දයත් රාජකාරි විශාල ප්‍රමාණයක් ඇති නිසා විජිත හේරත් මහතාට ලිට්‍රෝ ගෑස් මෙහෙයුම් කටයුතුවල ප්‍රායෝගික දුෂ්කරතාවන් පිළිබඳ නිසි දැනුමක් නොලැබෙන අතර ඒ නිසාම අවශ්‍ය තීරණ ගැනීම බොහෝ සෙයින් ප්‍රමාද වේ.

ඒ අනුව අද දිනයේදී කෝප් කමිටු සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා රජයට නියම කර ඇත්තේ හැකි ඉක්මනින් ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය සඳහා එහි කාර්යය පිළිබඳ දැනුමක් ඇති ස්වාධීන පුද්ගලයෙකු පත් කරන ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: සෞඛ්‍යමය ගැටළු මත චරිත්...

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුගේ නඩු විභාගයක් ලන්ඩනයේදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 අගෝස්තු මාසයේදී...

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් ඉලක්කම් විතරක් කළ හැකි තරම් ශක්තිමත්

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලබන වසරේ විශාල වෙනස්කම්...

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...