කවද හරි සනීප වෙයි ….

ඇමතුමක් අරගෙන
බොරුවට හරි
ඔයා හොඳින් නේදැයි අහනව නම් !

එතකොට කිව්ව හැකි
මට වීස් එක හැදිලා
ඊයෙ උණත් තිබුණා
ඔලුව පැලෙන්න වගේ කැක්කුම
ඩෙංගු වලට චෙක් කරන්න කිව්වා.

බේත් ගන්න ගියේ තනියම
පික් මී එකක් දාගෙන.
නෝනල එක්ක මහත්තුරු
අම්මලත් එක්ක දූලා,පුත්තු
බබාල වඩාගත් තරුණ අය පිරිලා.

දැන් ඇඳට වෙලා ඉන්නව
කවුදෝ ඔලුව අතගානව හීනෙන් දැක්ක.
ක්‍රීම් ක්රැකර් ගෙනාව කන්න.
ඩොක්ටර් කීව සුප් බොන්නලු.
හදාගන්න ඇඟට පණ නෑ.

ඔයාට මේව කියල වැඩක් නෑ.
හොඳින්ද අහපු නිසයි කිව්වෙ.
සනීප වුනාම මැසේජ් එකක් එවන්නම්.
හිත සනීප වුනා වගේම
කවද හරි සනීප වෙයි.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...