ත්‍රිපෝෂ නිෂ්පාදනයට රජයෙන් සහනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර, ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා මෙම බදු සහන ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් ක‍ළේය.

ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන ඇති අතර , මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනය සිදුකර ඇති බව සඳහන් වේ.
තවද, රටඉඳි ආනයනය කිරීමේදී ලබා දී තිබූ බදු සහනය මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...