උසස්පෙළ පිළිතුරු ඇගයීම් මධ්‍යස්ථාන 32කදී අද (20)  සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උසස්පෙළ පිළිතුරු ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32කදී අද (20)  සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළ අතර , විෂයන් 05ක ඇගයීම් කටයුතු මේවනවිට අවසන් කර ඇති බවද පවසයි .

ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළ අතර , සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවකදී ලබන 26 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ , සියලු විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීම අවසන් කර ඇති අතර එහි ඇගයීම් කටයතු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදුකරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...