(Breaking) සමිතට ලෝක වාර්තාවක් සමඟ දෙවන තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW): ජපානයේ කෝබේ පැවත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ග්‍රෝන් ප්‍රී තරගාවලියේ එෆ් 64 කාණ්ඩයෙන් හෙල්ල විස කිරීමේ තරගයට මුහුණ දුන් සමිත දුලාන් ලෝක වාර්තාවක් පිහිටුවමින් තරගයේ දෙවන ස්ථානය දිනා ගන්නට සමත් විය.සමිත එෆ් 44 කාණ්ඩයේ ක්‍රීඩකයෙක් හැටියට මෙම තරග ඉසව්ව නියෝජනය කළ අතර ඔහු එහිදී එම කාණ්ඩයෙන් ලෝකයෝ වැඩිම දුරක් හෙල්ල වීසි කරන ලද ක්‍රීඩකයා බවට පත් වෙමින් මිටර් 66.49 ක් දක්ෂතාවයක් දැක්වීය.


සමිත තමන්ට හිමි උත්සාහයන් හයෙන් පළමු උත්සාහයේදීම මෙම දස්කම දක්වන්නට සමත් වූ අතර ඔහු විසින් බිඳ දමනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ එම් බුරියාන් 2001 දී ජපානයේ ටෝකියෝ හී දී තබා තිබූ මීටර් 66.29 ක වාර්තාවය.


තරගයේ පළමු ස්ථානය දිනා ගත්තේ එෆ් 64 කාණ්ඩයෙන් තරග වැදුණු එහි ලෝක වාර්තාව හිමි ඉන්දීය ක්‍රීඩක සුමිත්ය.ඔහුගේ ලෝක වාර්තාව මීටර් 73.29 ක් ලෙස සටහන් වන අතර ඔහු මේ තරගයේදී පළමු වැනි ස්ථානය දිනා ගැනීම සඳහා වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 69.50 ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...