ඉරාන වරායන් වෙත ඇතුළු වන සහ පිටවන සියලුම මුහුදු ගමන් අවහිර කරන ලෙස ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත අද(13) සිට ඉරාන වරායන් සහ වෙරළබඩ ප්‍රදේශවලට ඇතුළු වන සහ පිටවන සියලුම සමුද්‍රීය ගමනාගමනය අවහිර කිරීම ආරම්භ කරන බව එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කර තිබේ.

ඉස්ලාමාබාද්හි පැවැති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති අතර, ඕනෑම රටකට අයත් නෞකාවක් ඉරානය සමඟ ගනුදෙනු කරන්නේ නම් මෙම අවහිර කිරීමට යටත් වන බව අමෙරිකාව අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, ඉරානයට සම්බන්ධ නොවන නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට බාධාවක් නොවන බව ද වාර්තා වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ‘උගත් පාඩම් ශුන්‍ය’ බව ඉරානය ප්‍රකාශ කර ඇති අතර හොමුස් සමුද්‍ර සන්ධියට ළඟා වන හමුදා යාත්‍රා සටන් විරාමයක් කඩ කිරීමක් ලෙස සලකනු ලබන බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂකයින් අනතුරු ඇඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...