පාර්ලිමේන්තුව විසුරුවනවා කියන කතා බොරු.ඒක එහෙම වෙන්නේ නැහැ – චරිත

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තුව විසුරුවා හැර ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන බවට ඇතැමුන් සිදුකරන කතාවල ඇත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇතත් තව සතියකින් දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයට නිශ්චිතව දින වකවානු ඇතත් පාර්ලිමේන්තු මැතිවරණය අහවල් දින පැවැත්විය යුතු වන බවට ජනාධිපතිවරයාට පැවසිය නොහැකි බවයි ඔහු කියාසිටියේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියද එම ජන්ද විමසීම ජනාධිපතිවරණයෙන් පසුව පවත්වන බවට මැතිවරණ කොමිසමට අධිකරණය හමුවේ වුව කරුණු දැක්විය හැකි බව හේරත් මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මහ මැතිවරණය පමා කළද ජනාධිපතිවරණය පමා කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

චරිත හේරත් මහතා මෙම අදහස් පළකළේ අද (21) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...