එක් දිනක් තුළ මඩකලපුවේ ස්ථාන තුනක ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් විවෘත කෙරේ. දැන් ශාඛා 139 යි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ තවත් අයිටී කැම්පස් ශාඛා තුනක් මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකදී විවෘත කිරීම ඊයේ (20) සිදුකෙරිණි.

ඒ, ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඔට්ටමාවඩි, එරාවූර් සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල මෙම අයිටී කැම්පස් ශාඛා තුන ස්ථාපිත කිරීම සම්බන්ධීකරණය කරන ලද්දේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතා විසිනි. මෙම ශාඛා තුනේ පරිගණක භාෂා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 2400 කි.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වෙතින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වේ. අදියර 324කින් සමන්විත මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඩීපී එඩියුකේෂන් ආයතනය සහ මොරටුව, කැළණිය, රුහුණ යන විශ්වවිද්‍යාල එක්ව පවත්වාගෙන යන වැඩිදුර පාඨමාලාවන් හැදැරීමට ද එම සිසු සිසුවියන්ට අවස්ථාව හිමිවන අතර ඔවුන්ට ඉහළ වැටුප් ලැබෙන තොරතුරු තාක්ෂණ රැකියා සඳහා යොමුවීමට ද අවස්ථාව ලැබේ.

මෙම අයිටී කැම්පස් ශාඛා විවෘත කිරීමේ උත්සවවලට එක්වෙමින් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා පැවසුවේ රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක්කේ අධ්‍යාපනය හරහාම පමණක් බවයි. එසේම ජාති ආගම් කුලමල වශයෙන් භේද බින්න වී රටක් වශයෙන් අපට ඉදිරියට යාමට නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා ජාතික සමගියෙහි ඇති වැදගත්කමත් ජාතික සමගිය තහවුරු කිරීම උදෙසා සැමට සමාන අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කමත් අවධාරණය කළේය.

ඩීපී එඩියුකේෂන් ආයතනය පෙරපාසල් අධ්‍යාපනය, අපොස උසස් පෙළ දක්වාම පාසල් අධ්‍යාපනය, විදෙස් රැකියා සඳහා අවශ්‍ය භාෂා අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, දෙස් විදෙස් රැකියා සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව, ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුව නවීන තාක්ෂණය ඔස්සේ ලබාදෙමින් රටේ දුප්පත්කම නැතිකිරීම උදෙසා ගෙනයන ක්‍රියාමාර්ග පැහැදිලි කළ ධම්මික පෙරේරා මහතා සියලු දෙනාටම මේ සමග එක්ව පොහොසත් රටක් ගොඩනැගීමට දායක වන ලෙස ආරාධනා කළේය.

මෙම අවස්ථාවට හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා, ඉස්ලාම් ආගමික පූජකවරුන්, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...