මිරිහානේ “අරාබි වසන්ත” මැයි 27 දක්වා රිමාන්ඩ්

Date:

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල පැවති විරෝධාතාවක් අතරතුර හමුදා බස් රථයකට ගිනිතැබීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් සැකකරු මැයි 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පෙරේදා (19) දිනයේදී මෙසේ දැරණියගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබුණේ විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

දැඩි පොලිස් සහ හමුදා රැකවල් ඇති ස්ථානයක මෙම බස් රථය ගිනිතැබීමේ සිදුවීම සිදුවූයේ පසුගිය මාර්තු 31 වනදා වන අතර ඊට සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසියට දින 49ක කාලයක් ගතවී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...