පව්කාර අපවෙත – ඔබේ ආසිරි සුසුම් දෙනු මැන …

Date:

රුපියල් 121 සහන මිළට නාරාහේන්පිටින් පෙට්‍රල් ගහන හැත්තයි, හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන හැත්තයි, මම එන්නේ බෙන්ස් එකෙන් මම වට්ටන්න බැහැ කියන හැත්තයි, ලොකුකම ඉහවහා ගිය හැත්ත බුරුත්තයි බලපල්ලා ජීවිතේ බර කරට ගත්ත සිසිපස් ල….

මේ තාත්තල ඇත්ත වීරයෝ බං. රටට බරක් නැහැ. මේ මිනිස්සු රට බංකොලොත් කරලා තමන්ගේ දරුවෝ හඳට යවන්න හැදුවේ නැහැ. මේ පොළවේ ඉපදිලා මේ පොළොවේ බර කරට අරන් මැරිලා යන්න හිත හදාගත්ත මිනිස්සු.

සුදු සැරයටියෙන් කියන්නේ ඇස් පේන්නේ නැහැ හරි පෙනීම අඩුයි කියල වෙන්න ඇති. හැබැයි මේ මිනිස්සුන්ගේ තමයි ඇත්තටම ඇස් පේන්නේ….

රට රවට්ටලා නරුම ජීවිතයක් ගතකරනවට වඩා කොච්චර ශක්තිමත් ද මෙහෙම මැරෙන එක.

පියාණෙනි දුක්බර
සාරවත් කළ මේ කටුක බිම
ඔබ පුත් සියළු දෙන
වැටුනෝය නිසරු යුගයක
බරින් ජිවිතයේ
ඔබ ගත නැමී ගියමුත්
පව්කාර අපවෙත
ඔබේ ආසිරි සුසුම් දෙනු මැන…

‘නීතිය රැකීමට නම් නීතිය දෙදරවා හැරිය යුතුය….’

(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, හුණුවටයේ කතාව)

May be an image of 1 person, standing and outdoors
  • මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...