පොලිස්පතිත් අද තනතුරින් ඉවතට ?

Date:

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාව ද අද (21) දිනයේදී තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම සඳහා අරලියගහ මන්දිරයේ සිට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු නොකර ඔවුන්ට ගෝල්ෆේස් පිටියට පැමිණීමට ඉඩ දෙන ලෙස පොලිසියට නියෝග දීම සම්බන්ධයෙන් සී. ඩී. වික්‍රමරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ.

ඔහුව තනතුරින් ඉවත් කිරීමෙන් පසු පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාව පත් කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...