*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

පාරවල් අවහිර කළාට ඩොලර් නොගෙවා නැවෙන් තෙල් බාන්නේ නැත …

අප රට හෙවත් ලෝකයෙන්ම උතුම්ම රට යැයි කියන ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත රටක් නොවේ. එනම් අපිටම කියා අපිම ආහාර හදා ගන්නවා කියන එක පමණක් නොවේ.

අපිම ආහාර නිපදවා ගැනීම හරිය. ඊට අමතරව අපට අත්‍යාවශ්‍ය විදුලිය,ඉන්ධන, ගෑස්, රෙදිපිළි, ඖෂධ, සෞඛ්‍ය උපකරණ, වාහන,පොහොර, විද්‍යුත් උපකරණ, වෙනත් සුඛෝපභෝගී භාණ්ඩ යන මේ හැම දේම අපි අපිම නිපදවා ගත යුතුය.

ඉන්දියාව බොහෝ දුරට මේ තැනට ලංවී ඇත. ජපානය, ඕස්ට්‍රේලියාව,එංගලන්තය වැනි බොහෝ රටවල්ද එසේමය. තමන්ට නිපදවා ගත නොහැකි දෙයක් වෙන රටවලින් මිලදී ගැනීමට ඒ රටවලට විදේශ විනිමය ඇත. අපිටද එසේ කිරීමට විදේශ විනිමය හෙවත් ඩොලර් තිබිය යුතුය.

අප රටට තවම පිටරටින් මිලදී ගත යුතු දෑ බොහෝ ඇත. ඒවාට ඩොලර් තිබිය යුතුමයි. විදුලිය,ඉන්ධන , ආහාර නැතුව මිනිසුන් පෝලිම් වල දුක් විඳින්නේ ආසාවට නොවේ. වෙන විකල්ප නොමැති නිසාවෙනි.

රජයට ඒවා පිටරටින් මිලදී ගැනීමට ඩොලර් නැත.

රටේ ජනතාව දුක්විඳීමෙන් ගලවා ගැනීමට නම් අනිවාර්යයෙන්ම අප රට ස්වයං පෝෂිත විය යුතුය. නැතිනම් විදේශ විනිමය හෙවත් ඩොලර් හම්බ කළ යුතුය. රටේ ජනතාව දුක්විඳීමෙන් ගලවා ගැනීමට නම් අපිට සිදුව ඇත්තේ ඩොලර් සොයා ගැනීමටයි. ඉල්ලීම මගින් පූර්ණ වශයෙන් සියල්ල සපිරී නොයයි.ලැබෙන්නේ සොච්චමකි.

ඩොලර් ලැබෙන ප්‍රධාන ක්‍රම කෙටියෙන් මෙසේය.

සංචාරකයින් මගින්.

අපේ නිෂ්පාදන විදේශ වලට අපනයනය කිරීම මගින්.

විදේශ වලට යවා ඇති අපේ ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම මගින්

විදේශිකයන් මෙරට සිදුකරන ආයෝජන මගින්.

වෙනත් රටවල් දියුණු වූයේ මේ ක්‍රම වලට අනුකූලව යි. එනම් අපි මේ එකින් එක බලමු,

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම. මෙයට සිංගප්පූරු, බැංකොක් ක්‍රම උදාහරණයට ගත හැක.

තේ රබර් ,පොල්, වී ,ඇඟැලුම්, වැනි දෑ වැඩියෙන් නිපදවීමට ක්‍රම සකස් කිරීම.

ඩොලරය හිර නොකර එයට නියම අගයක් දීමෙන් අපේ විදේශ ශ්‍රමිකයන්ට බැංකු හරහා මුදල් එවීම ලාභ දායක කිරීම හා විශ්වාසය ඇතිකිරීම.

ඒ හැර විදේශ වලට අපේ ශ්‍රමිකයින් විශාල වශයෙන් විදේශ සේවයට යැවීම සඳහා ඒජන්සි මගින් නොව රජයෙන් මුදල් සහ පහසුකම් දී යැවීම නිසා ඒ සියලු මුදල් ඒජන්සි කාරයන්ට නොව රජයට ලැබේ.

විදේශ ආයෝජකයන් පැමිණිවිට දේශපාලන විරුද්ධවාදීන් පවසන ආකාරයට , සොයා නොබලා රට විකුණනවා කියමින් හැම දේටම විරුද්ධ නොවී සත්‍ය සොයා බලා පමනක් විරුද්ධ වීම.

උද්ඝෝෂණ වලින් අපිට ඩොලර් නොලැබේ. ලැබෙන ඩොලරයත් නැතිවේ.ඩොලර් නැති නම් අපේ දුක් ගැහැටද නොනවතී. එබැවි දුක් ගැහැට වලින් බේරීමට උද්ඝෝෂණ වලින් පිටිවහලක් නොලැබේ. පාරවල් අවහිර කලාට ඩොලර් නොගෙවා නැවෙන් තෙල් බාන්නෙ නැත.

අලුත්ම අලුත් රජයක් අවශ්‍ය බව කියමින් දිවා රෑ සටන් කලද, ජනාධිපති ගෝඨාභය නෙරපා හැරියද, ඉන්පසු ජනතාව පිට්ටනයක රැස්වී අපි මෙයා ජනාධිපති කරමු කියන්න බැරිය. මැතිවරණයක් මගින්ම එය විය යුතුය. එයට රුපියල් කෝටි 1300 තිබිය යුතුය. මේතරම් දුෂ්කරතා ඇති රටට එතරම් විශාල මුදලක් දැන් නැත. දැනටමත් මේ මාසයේ සේවක වැටුප්ද අවදානමේ බව සැලවී ඇත.

අලුත් රජයක් පිහිටුවීම රටේ ව්‍යවස්ථාව ට අනුව සිදු කල යුතුය. එසේ නොකලොත් එම රජය ලොව පිලි නොගනී. ලොව පිලි නොගන්නා රටකට ආධාර කිසිවක් නොලැබේ. එනම් හුදකලා වන අප රටේ සියලු දෙනාට හාමතයේම මිය යෑමට සිදුවේ.

එනිසා ව්‍යවස්ථාවට අනුකූල රජයක් පත් කිරීමට උත්සාහ දරනවා මිස අපේ ආවේග වලට අවනත වී, පවතින ජාතික ආණ්ඩුවට ගරහමින් , එයට විරුද්ධව කටයුතු කිරීමෙන් ජනතාවට දැන් කිසිම පලක් නොවේ. පවතින ආණ්ඩුවට හැකිපමණ සහයෝගය දිය යුතුය . අප සියලු දෙනා වටහා ගත යුතු සත්‍යය එයයි.

  • රෂිකා සඳමාලි හෙන්නායක facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan