ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණන 1348ක් දක්වා ඉහළට

පසුගිය මැයි 09 වනදා ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 1348 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ අතරින් 638 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර 654 දෙනෙකු ඇප මත නිදහස් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

RN