වැල්ලම්පිටියේ ගෑස් ජාවාරමක් පොලිස් දැලට හසු වෙයි!

Date:

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 9260කට අලෙවි කළ තැනැත්තෙකු කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළොන්නාව වැල්ලම්පිටිය ඒෂියන් බේකරි නමැති ස්ථානයේදීයි එලෙස ගෑස් අළෙවි කර ඇති අතර එම ස්ථානය පරීක්ෂා කිරීමේදී ගෑස් සිලින්ඩර 40ක් සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත.

ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නා ආකාරයට ගොස් පොලීසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එමෙන්ම එම ස්ථානය ගෑස් අලෙවිය සිදුකරන නියෝජිතායතනයක් හෝ නොවන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙනුයි එම මෙහෙයුම සිදුකර තිබෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය...

වී වගාවට තවත් රක්‍ෂනාවරණයක්!

කොළඹ LNW:බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව...

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට සහ ප්‍රතිචක්‍රීයකරණයට විශේෂ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට...

ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩාවේ මේ...