වැල්ලම්පිටියේ ගෑස් ජාවාරමක් පොලිස් දැලට හසු වෙයි!

Date:

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 9260කට අලෙවි කළ තැනැත්තෙකු කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළොන්නාව වැල්ලම්පිටිය ඒෂියන් බේකරි නමැති ස්ථානයේදීයි එලෙස ගෑස් අළෙවි කර ඇති අතර එම ස්ථානය පරීක්ෂා කිරීමේදී ගෑස් සිලින්ඩර 40ක් සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත.

ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නා ආකාරයට ගොස් පොලීසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එමෙන්ම එම ස්ථානය ගෑස් අලෙවිය සිදුකරන නියෝජිතායතනයක් හෝ නොවන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙනුයි එම මෙහෙයුම සිදුකර තිබෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...