මේ වනවිට ඉන්ධන නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඒවායින් ඉන්ධන ගොඩබාමින් පවතින බව වාර්තා වේ.
එමෙන්ම හෙට (22) දිනයේදී තවත් ඉන්ධන නෞකාවක් වරායට ඇතුළු වීමට නියමිත ය.
මීට අමතරව මැයි 25 වනදා සහ ජුනි 01 වනදා ද ඉන්ධන නෞකා දෙකක් කොළඹට පැමිණීමට නියමිතව තිබේ.
මෙම සියලුම නෞකාවලින් ඔක්ටේන් 92 පෙට්රල්, ඔක්ටේන් 95 පෙට්රල් සහ ඔටෝ ඩීසල් මෙරටට රැගෙන එන බවත් සඳහන්.
RN