සටහන – රෂිකා හෙන්නායක
මැයි 22, කොළඹ (LNW): මෙරට ගීත සාහිත්‍යයට විශිෂ්ට ගේය පද රචනා රැසක් රචනා කළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ජන්ම දිනය අද (22දා)ට යෙදී තිබේ.
1950 මැයි මාසයේ 22 වන දින මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසන්නයේ පිහිටි රඹුකන නම් ග‍්‍රාමයේ ඉපිද පසුව පැවිදි බිමට ඇතුලත් වූ හිමි නමක් වශයෙන් රඹුකන සිද්ධාර්ථ හිමියන් හැදින්විය හැක .
පැවිදි බිමට පත් සිද්ධාර්ථ හිමියන් බෞද්ධ කතා පුවත් අනුසාරයෙන් ගීත බොහෝමයක් රචනා විය . පැවිදි හිමි නමක් වුව ද ගිහි ජීවිතයේ ඇතැම් සිදු වීම් ද අලලා ගීත නිර්මාණය කර තිබේ .

”සද තරු මල් ” ගීතය එලෙසින් රචනා වන්නක් ය . ජීවිතයේ ඇති නිසරු දේ මගින් සරු දෙයක් සෙවීමට කටයුතු කර ඇත . සමාජයේ පවත්නා යථා ස්වභාවය පෙන්වා දීමට මේ හිමියන් උත්සහ දරා තිබේ . ප‍්‍රතිභා පූර්ණ ගීත රචක හිමි නමක් වශයෙන් හැදින්වීම සාවද්‍ය නොවේ .
රඹුක්කන හිමියන්ගේ ගීත තුළ එම අර්ථාන්විත බවක් පවතී .
ඒ අතරින් “ලා දළු බෝපත් ගීතය” සිත ඉතා නිවීමක් ගෙන දෙන්නකි.
රඹුක්කන හිමියන් බොහෝ ගීත රචනා කර ඇත .
1 සද තරු මල්
2 නුඹට හිතැති නුඹ හිත නැති
3 ළා දළු බෝපත්
4 මේ ඉර හද යට හමු වී
5 සරසවි කදුලු පාය
වැනි ගීත ද මීට අමතරව තව බොහෝ ගීත රචනා කර ඇත.
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙ ද සුදුකොඩි නැගුනේ

”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ” යන ගීතය ඇසෙත්ම ඕනෑම පුද්ගලයෙකුට මතකයට එනු ලැබෙන්නේ පීඩිත පංතියයි . සමාජය ගත් කල ඒ තුළ උඩු පෙලක් මෙන්ම යටි පෙලක් පවතී . ගීතයක් ද එසේම ය . සමාජයේ උඩු පෙල රදා පවතින්නේ යටි පෙල නිසාවෙන් ය . එනම් රටේ ආර්ථිකය නිසා උඩු පෙල ඇති කලාව , දේශපාලනය ආදී සියලුම සාධක රදා පවතී . පීඩිත පංතිය නොහොත් නිර්ධන පංතිය නිසා ධනපති පංතිය රදා පවතී . කම්කරුවන්ගේ ඇති උදාරතර බව මෙම කවිය මගින් මැනවින් නිරූපණය කර තිබේ .
රටෙහි රදා පැවැත්ම මැනවින් නිරූපණය කරනු ලබන අතර ධනපති පංතියේ යකඩ සපත්තුවලට පෑගෙමින් සිටින්නා වූ මිනිසුන්ට සිදුව පවතින්නා වූ අසාධාරණය මැනවින් මතු කරන්නේ අවසාන පදයෙහි ය . සමාජයේ සිටින ධනපති පංතිය උපහාසයට ලක් කරමින් කියා සිටින්නේ
”මොන රජ මැදුරෙ ද සුදු කොඩි නැගුනේ ” එසේම එය ප‍්‍රශ්නවාචී අයුරින් ඉදිරිපත් කරයි .
ධනපති පිරිසගේ පවත්නා ගුණමකු බව මෙමගින් නිරූපණය වේ . ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ මඩිය තර කර ගැනීමයි . වෙහෙස මහන්සි වී ආර්ථික සංවර්ධනයට මෙන් ම ආගම පවත්වාගෙන යාමට ද දිළිදු පිරිස් නැතහොත් නිර්ධන පංතිය කටයුතු කරනු ලබයි .
ධනවතුන්ගේ ඕනෑ එපාකම් සියල්ල ඉටු කල ද එම සාමාන්‍ය ජනතාවට දුකක් කරදරයක් ඇති වූ විට කිසිදු ධනවතෙකු තමන් බැලීමට පැමිණෙනේද් නැත, මෙ අයුරින් සමාජය ඉදිරියේ තැබුවා වූ කැඩපතක් මෙන් සමාජය මැනවින් නිරූපණය වී ඇති බව මෙම ගීතයෙන් යහමින් පහැදිලි කිරීමට රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීතමය රසය පිළිඹිඹු කරයි.
පියුම් පුබුදුවා බැතියෙන් බුදු ගුණ ගී පුදසුනේ…
සවන් නිවා සිත් සැනසූ හදේ උපන් කුලුණිනේ…
උතුම් තුනුරුවන් සරණින් ආසිරි ලැබ මතු දිනේ…
චිරං ජයතු රඹුකන කිවි යතිඳුනේ
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් ඉහත කවිය සටහන් කර තිබිණ.
රඹුකන සිද්ධාර්ථ හිමියනි LNW අප ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු!