දේශීය කිරි වලට හුරුවෙමු …

Date:

දේශීය කිරි ගොවියා නගාසිටුවීමට සහ එමඟින් කිරිපිටි ආනයනය අවම කිරීමට පසුගිය කාලය පුරාවටම විශාල වෙහෙසක් දරණු ලැබීය . නමුත් එය විශාල කාර්‍යභාරයකි.

නමුත් අප රටේ දැනට , දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය වන්නේ 40% ක් පමණක් වන අතර 60% ක කිරි ප්‍රමාණයක් විදේශ රටවල් වලින් ආනයනය කරනු ලබයි. මේ සඳහා අතිවිශාල මුදලක් වැයවේ. මෙසේ විදේශ රටවල් වලට ඇදීයන විශාල මුදල් ප්‍රමාණය ඉතුරු කරගෙන මෙරට කිරි අවශ්‍යතාවය 100% ක් මෙරටම නිපදවා, කිරිවලින් ස්වයංපෝෂිත කිරීම උදෙසා පසුගිය කාලවකවාණුව තුළ ජාතික වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවනු ලැබීය.

ඒ යටතේ එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විදෙස් ආයෝජන ව්‍යාපෘති යටතේ මහාපරිමාණ ආයෝජකයින් 05 දෙනෙකුට දියර කිරි නිෂ්පාදන ගොවිපලවල් ආරම්භ කිරීම සඳහා ආයෝජන අවස්ථා උදාකර කර දී ඇත.

මෙහි එක් ව්‍යාපෘතියක් නාවලපිටිය ආසනයේ ගලබොඩවත්ත වතුයායේ අක්කර 900 ක ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි ආයෝජනය රුපියල් බිලියන 3 ක් වන අතර ආයෝජන සමාගම විසින් කිරි දෙනුන් ඇතුළුව සමස්ථ සතුන් 10,200 ක් ඩෙන්මාර්කයෙන් ආයනයනය හියමිතය. මෙමඟින් දිනකට දියර කිරි ලීටර 100,000 ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ නිෂ්පාදන කටයුතු 2023 වර්ෂයේ මාර්තු මස වනවිට ආරම්භ වනු ඇත. දේශීය නිශ්පාදන ආර්ථිකයක් මඟින් ආර්ථික අර්බුදයට විසඳුම් සොයමු . අනවශ්‍ය ආනයන සීමා කරමු. මෙවැනි ග්‍රාමීයව ස්ථාපිත වූ දේශීය කර්මාන්ත සඳහා වැඩි අවදානය යොමු කරමු.

  • රෂිකා සඳමාලි හෙන්නායක facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...