*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අවුලෙන් අවුලටද ? පවුලෙන් පවුලටද ?

දෙකොන පත්තුවෙන විලක්කුවක් වූ අපේරට යලිත් නිවී සැනහෙයිද??
ඔවි…අදට වඩා හෙට ලස්සනයි.. අමිමපා…

ඒ කොහොමද?

ඉතාමත් සීරුමාරැවට මෙම දෙකොන විලක්කුවෙි අවුලෙන් අප ගැලවිය යුතුය. මොනවද ඒ අවුල්..
ප්‍රධානතම වශයෙන් අවුල් දෙකකි.

1) ආර්ථික අර්බුධය..
2) දේශපාලන අර්බුධය..

ආර්ථික අර්බුධයෙන් ගැලවීමට නමි මුලින්ම දේශපාලන ස්ථාවර භාවයක් ඇතිකරගත යුතුයි..

ආර්ථික අර්බුධය නිසාම ඇතිවුන දේශපාලන අර්බූධය… අප විසින්ම අනවශ්‍ය කලබලවීමක් සහ ඉක්මන්වීමක් නිසා ඉස්මතු කරගත් ව්‍යාකූලත්වයකි..එය ඉචිඦා භංගත්වයකට පත්වෙන සමාජයක සාමාන්‍යයෙන් ඇතිවෙන දෙයකි.කාටවත් චෝදනා කර වැඩක් නැත..

පටු දේශපාලකයන් තම වාසියට අමන ලෙස කටයුතු කරන රටක මෙම තත්වය තව තවත් ජරාජීර්ණ විම වැලැක්විය නොහැක…..හොදම උදාහරනය අපේ 225 යි.. දේශපාලන අර්බූධය පහකිරීමටදෝ දැන් උගුලෙන් හෝ හබකෙන් නව අගමැතිවරයෙක් ඉස්මතුවී ඇත..,දේදුන්නක් පහලවී ඇත..අපට වැටුප් නොගන්නා නව කැබිනටිටුවක්ද ලැබී තිබෙි.

කැමති වුවත්, අකමැති වුවත් යායුතු නිසි මගකට අප කෙමෙන් පිවිසී ඇත..

රටෙි දේශපාලන අර්බුධය අවසන් යැයි අප ස්වයං වින්දනයක් නොලැබිය යුතුවාක්, මෙන්ම වෙනත් විකල්ප සෙවීමක්ද හදිසියේ නොකල යුතුය.හේතුව අප සිටින්නේ ආන්තික පරිහානියක මුවවිටය, කල්ගත වුවහොත් මුළු රටම විශාලා මහ නුවරක් වෙිවි.. ඉස්මතුවූ විකල්පයෙන් රට ගොඩදා ගෙන ඊළගට කරන කෙංගෙඩියක් කරනු වටී….

රටෙි මූලිකම ගැටළුව විදෙස් සංචිතවල හිඟයයි. මෙි සදහා නව මහ බැංකු අධිපතිවරයා අතිශය සාර්ථක සාධනීය පියවර කිහිපයක්ම ගෙන ඇත.දෛනිකව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමට අවශ්‍ය කරන විදෙස් සංචිත දැන් දැන් ලැබෙන්නේ එබැවිනි….ඉතා ප්‍රවෙිශමින් සීරැමාරැවට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුමි කිහිපයක් දැනට ඔහු ඉදිරිපත් කර ඇත..ඒවා කෙතරමි ඵලදායි දැයි කියනවානමි අපේ මෙි පින්බර දේශයට වැලදුන විදෙස් සංචිත හිඟවීම නැමති මාරක පිලිකාවෙන් ගැලවීමට එම උපක්‍රම හොදටම සෑහේ.. ප්‍රමානවත්ය..ඉහවහා යන අප්‍රමාන සතුටකින් හා බලවත් විශ්වාසයකින් යුතුව මා එය ප්‍රකාශ කරන්නේ වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු වශයෙනි… රට ගොඩයනබව ඇස්පනාපිට දකින තෙක්ම දැනට පවතින දේශපාලන දහරාව අවුල් නොකර ගතයුතු අතර දේශපාලන ස්ථාවර භාවය මෙම සාර්ථකත්වය ස්ථිරසාර වීමට අත්‍යාවශ්‍යයය.මෙම තත්වයට රට පෙලගස්වන කන කැස්බා විය සිදුරෙන් අහස බලන අපගේ මහ බැංකු අධිපතිවරයාට අපි යෝධබල යෝධ ශක්තිය පතමු..

කලකදි වහලු කලකදි රහ වෙනවාලු කියන්නාසේ අහසින් පාත්වූ නව අගමැතිවරයා ජාත්‍යන්තරයට ලංකාවෙි සැබෑ තත්වය හෙලි කිරීම නිසා අපේ රටට විදෙස් රටවලින් විශාල සහයක් සහ ආධාර ලැබෙමින් පවතී.ලොව ප්‍රබල සංවිධානයක් වන G 7 කංඩායමද අපට සහන සැලසීමට සූදානමිය..

ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම මිත්‍ර රටවල්ද අපට සහාය දැක්වීමට ඉදිරිපත්වෙලා….ඖෂධ රටවල් ගනනාවකින්ම අපට ලැබෙමින් පවතිනවා..ජපානය ඖෂධ විශාල තොගයක් සහ ලෝක ආහාර අරමුදල හරහා අත්‍යාවශ්‍ය ආහාර විශාල ප්‍රමානයක් ලබන සතියේදී ලංකාවට එවනු ඇති. තමිල්නාඩුවෙන්ද ඉතා විශාල ආහාර තොගයක් සහ ඖෂධ තොගයක් මෙිවනවිට නැවිගතකර ඇත..ජාත්‍යන්තරව ලැබෙන සහායද ඉමහත්…

රටතුල බරපතලම ගැටළුව වන්නේ ඉන්ධන සහ ගෑස් පෝලිමි පැවතීමත්….විදුලිය කප්පාදුවත්ය..

ඉන්ධන පෝලිමි නමි තව දින තුනකින් සමිපූර්නයෙන්ම අහවර වන බව ලැබෙන ධාරිතාව අනුව පෙනේ.විදෙස් සංචිතද යථාවත් වන බැවින් යලි යලිත් ඉන්ධන පෝලිමි ඇතිවනු උගහටය..

ගෑස් ප්‍රශ්නය නමි උග්‍රයි. ලැබෙන ගෑස් ධාරිතාවෙන් 60% ක් කොළඹ ආශ්‍රිතවද ඉතිරිය රටපුරාද යැවෙි. මෙය කෝප් නිර්දේශයකි.කෙසේ වෙතත් ගෑස් ප්‍රශ්නය සමිපූර්නයෙන් විසදෙන්නේ තවත් සති දෙකකට පසුවය. අදත් මෙ.ටො.8000 ක නැවක් ගොඩ බානු ලබයි, පෙරේදා සිලින්ඩර් . 35000 ක්ද, ඊයේ 50000 ක්ද? අද 80000 ක්ද බෙදා හැරිීමට නියමිතය. නමුත් රට පුරා සිලින්ඩර් 35 ලක්ෂයක් ගෑස් බලාපොරොත්තුවෙන් සිටී..එය සුළුපටු නොවෙි.. තායිලන්තයේ සියාමි සමාගම සමග තවමත් ගිවිසුමි අත්සන් කර නැති බැවින් ඒ සදහා සති දෙකක් පමන ගතවන බැවින් ගෑස්ප්‍රශ්නය නිමවීමටඅවම වශයෙන් තව මාසයක් පමන ගතවනු ඇති…..
ජල විදුලි නිෂ්පාදනය වැඩිවීමත්, ⁣නොරොචිචෝලේ බලාගාරය යලි සක්‍රිය වීමත් තුලින් විදුලිය කැපීමනමි අවම වීම ඉක්මනින්ම සිදුවෙිවි..

මෙි සෑම දේකම තිබෙන අවශ්‍ය තාවයන් විසදීමට අපට විදෙස් සංචිත අවශ්‍යයය.ඒ සදහා මහබැංකුව ඉතාමත් නිවරිදි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒවා අතිශයින්ම සාර්ථක බව නැවතත් මා ප්‍රකාශ කරන්නේ අතිශයින්ම විශ්වාසයකින්⁣ මෙන්ම අප්‍රමාන සතුටකින්ද යුක්තවය…..

එහෙත් මෙම තත්වය පහත කරැනු සහ තත්වයන් මත රදාපවතින බව ඉඳුරාම කිව යුතුය..මෙයට සමාන්තරව..

1) වර්ජන, විරෝධතා වහා සමනය විය යුතුයි..මෙමගින් විදෙස් සංචිත දැඩිලෙස හීන කෙරෙයි..Home Grown Solutions. එනමි.(සංචාරක,අපනයන,විදෙස් ප්‍රේෂණ,ආයෝජන) වලට බාධා නොවිය යුතුය..
2) දේශපාලන ස්ථාවර බව පැවතිය යුතුමය. අවම වශයෙන් වත්මන් පාලනයට මාස හයක් වත් අඛණ්ඩව කරගෙන යාමට සියළුම පක්ෂ සහාය දිය යුතුවෙි..
3) පවුල් දේශපාලනය අවසන් විය යුතුය. තර්කයක් නැත..දේශපාළුවන්ට සුවිශේෂ වරප්‍රසාද නොතිබිය යුතුයි..දැන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මකවෙි..
4) සුබ සාධන,මතින් යැපෙන සමාජීය ක්‍රමවෙිදය අවමවිය යුතුයි.
5) දේශපාලකයන්ටත් වඩා විශාල ලෙස ජරාජීර්ණ වී,අලජ්ජි වී, අලස වී, දූෂනය වී තිබෙන රාජ්‍ය සේවයම නහවා පිරිසිදු කල යුතු අතර පාඩු ලබන ආයතන පෞද්ගලීකරනයද විය යුතුයි.සේවක කප්පාදුවක්ද කල යුතුවෙි….
6)රටපුරා, සමාජීය, සංස්කෘතික, ආගමික ප්‍රබෝධයක් සහ පුනරැදයක් ඇතිවිය යුතුය..

ප්‍රධාන වශයෙන් අපේ තරැණයන්ට පැහැදිලි අනාගතයක් නැත්ද? යන්නට කෙටි පිලිතුර..නමි..
තියෙනවා,ඉතා හොද අනාගතයක් තිබෙනවා, වඩා ඉවසීමෙන් සහ මනා සංයමයකින් යුතුව අප එතනට පියමංකල යුතුවෙි……

වත්මන් පාලන තන්ත්‍රය මෙලෙස මාස හයක් පමන පැවතුනොත් අපරට යලිත් පැරණි තත්වයටත් වඩා හොද තත්වයකට මාර්ගගත කරගත හැකිවෙිවි. ඒ බව දැනට ගෙන ඇති සමහර පියවරයන්ගෙන් ගම්‍යමානවෙි….මෙලෙස ඇද වැටුනු ලොව රටවල් බොහෝමයක්ම තිබුනාටත් වඩා හොද තත්වයට පැමින සිටී…ඉදින් අපටත් එසේ පුළුවන්…

සුබවාදීව බලමු…
ඇත්ත තිත්තයි..
තිත්ත ඇත්තයි..

  • පරාක්‍රම බස්නායක facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan