ඉන්ධන බවුසර්වලට ආරක්ෂාව දෙන්නැයි ඉල්ලා පොලිස්පතිට ලිපියක් !

Date:

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතවෙන් ඉන්ධන ප්‍රවාහනය අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙම තත්වය මත නිසි ආරක්ෂාවක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මෙම තත්වය පිළිබඳ පැහැදිලි කරමින් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.වී. ශාන්ත සිල්වා මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. සභාපතිවරයා සිය ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකි රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසයි.

රට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බැවින් ටැංකි රථ මෙන්ම රියදුරන්ගේ ජීවිතද අවදානමට ලක්ව ඇති බැවින් ඊට පිළියම් යෙදීමට කඩිනමින් තීරණයකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඩී.වී. ශාන්ත සිල්වා මහතා සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...