ඉන්ධන බවුසර්වලට ආරක්ෂාව දෙන්නැයි ඉල්ලා පොලිස්පතිට ලිපියක් !

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතවෙන් ඉන්ධන ප්‍රවාහනය අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙම තත්වය මත නිසි ආරක්ෂාවක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මෙම තත්වය පිළිබඳ පැහැදිලි කරමින් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.වී. ශාන්ත සිල්වා මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. සභාපතිවරයා සිය ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකි රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසයි.

රට අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බැවින් ටැංකි රථ මෙන්ම රියදුරන්ගේ ජීවිතද අවදානමට ලක්ව ඇති බැවින් ඊට පිළියම් යෙදීමට කඩිනමින් තීරණයකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඩී.වී. ශාන්ත සිල්වා මහතා සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...