මිලිමීටර 300 ඉක්මවූ වැඩිම වැස්ස කෑගල්ලට.කැළණි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: පවතින අධික වර්ෂාපතනය හමුවේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) උදෑසන 8.30 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 336.5ක් බව දැක්වෙයි.

මේ අතර කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

කැලණි ගඟ ද්‍රෝණියේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 300 කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් මෙම අවදානම මතුව තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අවදානම් සහිත මෙම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...