වාහන 1782 සිද්ධිය : 15න් වෙනසක් නෑ. තොග වශයෙන් වාහන ගෙන්වන අය බද්දට යටත් වෙනවා – ජනපති නිකුත් කළ නියෝගය මෙන්න !

වාහන සඳහා රේගු ආනයන බද්ද මැයි 16 වනදා සිට 50%කින් ඉහළ නැංවූ අතර, ඊට පෙර දිනයේ (මැයි 15 වනදා) වාහන 1782ක් ආනයන කිරීමට ණයවර ලිපි විවෘත කර තිබීම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විපක්ෂයේ දේශපාලනඥයින් විසින් ප්‍රශ්න කර තිබිණි.

එහිදී ඔවුන් චෝදනා කළේ අභ්‍යන්තර තොරතුරු කාන්දුවීමක් හේතුවෙන් මෙසේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් වාහන විශාල ප්‍රමාණයක් සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවටත් ඔවුන් ඒ හරහා අයුතු ලාබයක් ලබාගැනීමට නියමිත බවටත් ය.

කෙසේවෙතත් මුදල් අමාත්යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ බදු සංශෝධනය සිදුකළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අතිරේක ඡේදයක් එකතු කර ඇති අතර එයින් නියම කර ඇත්තේ මැයි 15 වන දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළත් ඒවායේ වාහන සංඛ්‍යාව, වාහන හඳුනාගැනීමේ අංකය, වාහනයේ විස්තරය සහ වාහනයේ තාක්ෂණික පිරිවිතරයන් යන කරුණුවලින් එකක් හෝ සංශෝධනය කරන්නේ නම් එම වාහන සඳහා ඉහත කී ගැසට් නිව්දනයේ සඳහන් 50%ක අධිභාරය අයකළ යුතු බවයි.

තොග වශයෙන් වාහන ආනයනය කරන සමාගම් ණයවර ලිපි විවෘත කරන්නේ වාහනවල එංජින් අංක, චැසි අංක සඳහන් කරමින් නොවේ. ඔවුන්ට වාහන නිෂ්පාදකයින්ගෙන් ඒ තොරතුරු ලැබෙන්නේ යම් කාලයකට පසුව ය. එහෙත් අදාළ ණයවර ලිපි බලාත්මක වන්නේ එකී අංක ඇතුළත් කිරීමෙන් පසුව ය. ඒ අනුව තොග වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා මැයි 15 වනදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළ සමාගම් සියල්ලම ඉහත බද්දට යටත් වනු ඇති බවයි රේගු ආරංචිමාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...