‘ලෝකයේ කඩොලාන වනාන්තරවලින් අඩක් මිනිස් හැසිරීම් හේතුවෙන් අවදානමට ලක්ව ඇත’ – IUCN

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේ සියලුම කඩොලාන වනාන්තරවලින් අඩක් මිනිස් මැදිහත්වීම හේතුවෙන් විනාශවීමට ලක්වෙමින් පවතින බව ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) විශ්ලේෂණයකින් පෙන්වා දී තිබේ.

අනුව, දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ කඩොලාන වඩාත් අවදානමට ලක්ව ඇති අතර, ඔවුන්ගේ පරිහානියට මූලික හේතුව මිනිස් හැසිරීම වන බවයි සඳහන් කරන්නේ. ඒ අනුව, ලෝකයේ වෙරළ තීරයෙන් 15% ක් පමණ ආවරණයව ඇති කඩොලාන මුහුදු මට්ටම ඉහළ යාම, කෘෂිකර්මාන්තය, වෙරළ තීරයේ වර්ධනයන්, තෙල් කාන්දු වීම වැනි දූෂණය සහ වේලි ඉදිකිරීමේ ප්‍රතිවිපාක මගින් ඒවා වඩ වඩාත් තර්ජනයට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් පරිසර පද්ධති කළමනාකරණය පිළිබඳ IUCN කොමිසමේ සභාපති ඇන්ජෙලා ඇන්ඩ්‍රේඩ් සඳහන් කර තිබුණේ, කඩොලාන පරිසර පද්ධති වෙරළබඩ ආපදා අවදානම් අවම කිරීම, කාබන් ගබඩා කිරීම සහ වෙන් කිරීම සහ ධීවර කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට ඇති හැකියාව තුළ සුවිශේෂී වන බවත් මෙම පාඩුව ස්වභාවධර්මයට සහ ලොව පුරා සිටින මිනිසුන්ට විනාශකාරී වනු ඇති බවයි.

පෘථිවිය පුරා දක්නට ලැබෙන කඩොලාන නිවර්තන වෙරළ තීරයේ විවිධ ගස් සහ පඳුරු දුසිම් ගණනකින් සැදී ඇත. ඒවා ජෛව විවිධත්වයේ විශාල පරාසයකට නවාතැන් සපයන අතර විවිධ ක්ෂීරපායී සතුන්ට නිවහන සපයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...