බෙදුම්වාදීන්ට අනතුරු අඟවමින් චීන ත්‍රිවිධ හමුදාව තායිවාන දූපත ආශ්‍රිතව යුද අභ්‍යාසයක!

Date:

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකාය තායිවාන දූපත අවට ප්‍රදේශයේ යුද අභ්‍යාසයක් සිදු කර තිබෙනවා.

අද(23) පෙරවරු‍ 7:45 ට තායිවාන දූපතේ උතුරු, දකුණු, නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම, Kinmen, Matsu, Wuqiu සහ Dongyin යන දූපත් ආශ්‍රිත ප්‍රදේශවල එම ඒකාබද්ධ යුද අභ්‍යාසය සිදු කළ බවයි වාර්තා වන්නේ.

23 සහ 24 දෙදින එම බලකායේ පාබල, නාවික, ගුවන් හා රොකට් හමුදා කණ්ඩායම් තායිවාන දූපත අවට ප්‍රදේශවල මෙම අභ්‍යාසය පවත්වන බව නැගෙනහිර බලකා ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කර්නල් ලී ශී ප්‍රකාශ කළා. එමෙන්ම යුද ගුවන්යානා සහ යුද නෞකා තායිවාන දූපත ආසන්නයේ සිට මුර සංචාරයන්හි ද නිරත වීමට නියමිතයි.

මෙම යුද අභ්‍යාසය තායිවාන බෙදුම්වාදීන්ගේ අන්තවාදී ක්‍රියාවලට දඬුවමක් මෙන්ම බාහිර බලවේග චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට එරෙහි බරපතල අනතුරු ඇඟවීමක් ද වන බවයි චීනය පවසන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...