යුපුන්ගෙන් වාර්තා ගොන්නක්

Date:

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සූඑ යුපුන් අබේකෝන් නැවතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්තා පොත අලුත් කරමින් ඉසව් ද්විත්යක ශ්‍රී ලංකා වාර්තාවන්හී උරුමක්කාරයෙක් වෙන්නට සමත් වුණා.ඒ මැයි 22 වන දින ඉතාලියේ පවත්වන්නට යෙදුණ XII Castiglione International Meeting මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 200 පිරිමි තරගය තත්පර 20.37 ට නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින්.

මේ අනුව විනෝජ් සුරංජය සිල්වා සතුව තිබූ මීටර් 200 සඳහා වන තත්පර 20.68 ජාතික වාර්තාව තිබූ තැන යුපුන් අබේකෝන්ගේ නම සමඟ ඔහුගේ නව කාලය තත්පර 20.37 ලියැවෙන්නට නියමිතයි.මේ සමඟම දකුණු ආසියාවේ මීටර් 200 සඳහා ක්‍රීඩකයෙක් වාර්තා කර තිබුණ හොඳම කාලය වන ඉන්දියාවේ අම්ලාන් බෝර්ගෙන් වාර්තා කර තිබූ තත්පර 20.52 වාර්තාවද යුපුන් සතු වෙනවා.එසේම යුපුන්ගේ මීටර් 100 ජාතික වාර්තාවද දකුණු ආසියාවේ හොඳම මීටර් 100 කාලය වන බැවින් යුපුන් එම කෙටි දුර ඉසව් දෙකේම හොඳම කාලය වාර්තා කළ ලාංකිකයා පමණක් නොවි දකුණු ආසියාතිකයා බවටද පත් වෙනවා.

යුපුන් මෙම තරගයේ දී වාර්තා කළ කාලය තවත් වාර්තාවකට හේතු වන අතර 12 වන වරට පැවති මෙම තරගාවලි ඉතිහාසයේ යුපුන් වාර්තා කළ තත්පර 20.37 ට පෙරාතුව මීටර් 200 සඳහා වාර්තා වී තිබූ හොදම කාලය වූයේ ඉතාලියේ මැට්යෝ ගැල්වැන් වාර්තා කර තිබූ තත්පර 20.78 ක දක්ෂතාවයයි.යුපුන්ගේ මෙම දස්කම නිසා එම වාර්තාවද බිද වැටි එහි ශ්‍රී ලංකා නාමය සමඟ යුපුන්ගේ නම ද ලියැවෙන්නට නියමිතයි.

මේ තරගය පැවත්වූ ක්‍රීඩා පිටියද විශේෂ ක්‍රීඩා පිටියක් වෙනවා.නමින් Stadio Olimpico Carlo Zecchini වන එම ක්‍රීඩාංගණය 1960 දී ඉතාලියේ රෝමය කේන්ද්‍ර කරගෙන ඔලිම්පික් තරග ක්‍රියාත්මක වෙද්දී පාපන්දු තරග පැවත් වූ ක්‍රීඩා පිටිය ද වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...