සුජාන් වසීම් වෙනුවෙන් පෙරට එයි

Date:

ඇතැම් මාධ්‍ය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයා සහ ක්‍රීඩාව ඉක්මවා එහි ප්‍රගතිය වෙනුවට පරිපාලකයන්ගේ පැවත්ම වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයන් දකින්නට ඇති අතර එවැනි මාධ්‍ය භාවිතයකදී ශ්‍රී ලංකාවේ සිටින අති විශිෂ්ඨම ජාත්‍යන්තර මට්ටමේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති වසිම් රාසික් අපහසුවට පත්වෙන අන්දමේ ඒක පාර්ශවික පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා වසීම් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රතාශයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය ක්‍රීඩකයන්ගේ අයිතින් වෙනුවෙන් ඔවුන්ට පෙනී සිටීමේ ඇති ඉඩ වැසෙන අන්දමට, වසීම් මුදල් මුල් කරගෙන පාපන්දු පරිපාලනයට බලපෑම් කරන බවට ප්‍රසිද්ධ කරමින් අනෙකුත් ක්‍රීඩකයින්ද නිහඬ කරන්නට ගත් උත්සාහයට පාපන්දු නායකයා සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් වසීම් ඔහු වෙනුවෙන් නොව කණ්ඩායම වෙනුවෙන් සටන් කළ බවත් එයින් ඔහුගේ කීර්ති නාමය විනාශ කර ඇති බවත්.මෙම ලිපිය පිටුපස සිටින පුද්ගලයා නිවැරදි තොරතුරු සහිතව මෙය පළ කළ යුතුව තිබුණු බවත් පේනවා දෙනවා.

පහත දැක්වෙන්නේ සුජාන් සිය සමාජ ජාලා ගිණුමේ ඉංග්‍රිසියෙන් පළ කරන ලද සටහනේ ඡායානුවාදයයි.
වසීම් සම්බන්ධයෙන්,

ඔහු ඔහු වෙනුවෙන් නොව සටන් කළේ කණ්ඩායම වෙනුවෙන්ය.මෙම ලිපිය පිටුපස සිටින පුද්ගලයා නිවැරදි තොරතුරු සහිතව මෙය පළ නොකර. ඔහු ඔහුගේ අමාරුවෙන් උපයාගත් කීර්ති නාමය විනාශ කරයි.
ඔහු රටට හිතවත් ක්‍රීඩකයෙක් බව මම හොඳින්ම දන්නවා. ඔහු කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි, ඔහු අනෙක් කණ්ඩායම් සාමාජිකයින්ට උපකාර කරන අතරම නියමිත ඉලක්ක සපුරා ගැනීමට උපරිම උත්සාහයක් දරයි.

ඔහු සෑම විටම එය වෘත්තීයමය වශයෙන් තබා ගනී.ඔහු නිතරම ශ්‍රී ලංකා කොඩිය වෙනුවෙන් සටන් කරයි.

මට මේක සමාජ මාධ්‍යවලට ඇදලා දාන්න අවශ්‍ය නැහැ නමුත් මේ වගේ ලිපි දැක්කම මගේ හිත රිදෙනවා
නායකයා ලෙස මම කළමනාකාරීත්වය සමඟ සෑම දෙයක්ම සාකච්ඡා කර ඇති අතර, අපි ඔහුව තරඟාවලියට ගෙන ඒමේ කටයුතු කරගෙන යනවා! එබැවින් ඔහු ආසියානු කුසලාන අවසන් වටයේ කණ්ඩායම් අදියර නියෝජනය කරනු ඇතැයි මට හැඟේ.

කාගෙවත් නමක් විනාශ නොකරමු. සමහර විට ඔහු තෝරාගෙන ඇත්තේ වැරදි කාලයය. ආසියා කුසලානය කියන්නේ කාටත් හීනයක් බැවින් ක්‍රීඩකයින් ආරක්ෂා කරමු. මෙය කාගේ හෝ සිත් රිදවීමක් නම් මට සමාවෙන්න. ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රීඩා දිවිය විනාශ කිරීමට නොව උපකාර කිරීමට මාධ්‍ය භාවිතා කරමු

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...