Monkeypox නවතම තත්වය

Date:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවා ඇත්තේ කොවිඩ් සහ යුක්රේනයේ යුද්ධය මෙන්ම monkeypox වසංගතය ඇතුළු “දැවැන්ත” අභියෝගවලට ලෝකය මේ ව විට මුහුණ දී සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ විශේෂඥයින් අප්‍රිකාවෙන් පිටත රටවල් 15 ක monkeypox වසංගතය පැතිරීම ගැන මෙ වන විට සාකච්ඡා කරමින් සිටින්නට විය.

දැනටමත් යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය යන රටවල රෝගීන් 80 කට වඩා වාර්තා වී ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් මේ පිලිබඳව මහජනතාව දක්වා ඇති අවදානම අඩු බව ඔවුන්ගේ මතයයි.

Monkeypox මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ දුර ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන වෛරසයකි. නමුත් මෙය මිනිසුන් අතර පහසුවෙන් පැතිර නොයන අතර රෝගය සාමාන්‍ය ස්වභාවයක් ගනී.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට අනුව මෙම වෛරසයට ගොදුරු වූ බොහෝ පුද්ගලයින් සති කිහිපයක් ඇතුළත සුවය ලබයි.

අධි අවදානම් සහිත රෝගීන් සති තුනක් සඳහා ස්වයං හුදකලා විය යුතුය. ඒ අනුව පසුගිය සිකුරාදා ආසාදිත පුද්ගලයින් සඳහා සති තුනක නිරෝධායනයක් ප්‍රකාශයට පත් කළ පළමු රට බවට බෙල්ජියම පත්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර කියා සිටියේ තවත් සැක සහිත monkeypox යැයි තවුරු කරගත් රෝගීන් ගණනාවක් මේ වන විට විමර්ශනය කරමින් සිටී.

ස්පාඤ්ඤය, පෘතුගාලය, ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය සහ ස්වීඩනය යන රටවල මහජන සෞඛ්‍ය ආයතන සිය රෝගීන් පිළිබඳව තහවුරු කරයි.

පසුගිය ඉරිදා ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ තවත් රෝගීන් තහවුරු විය.එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය මේ වන විට රෝගීන් 20 ක් හඳුනාගෙන තිබේ.

රෝගය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුවද, රටවල් කිහිපයක් පවසා ඇත්තේ ඔවුන් වසූරිය එන්නත් ගබඩා කර ඇති බවත්, මෙම වෛරස් දෙක බෙහෙවින් සමාන බැවින් ආසාදනය වැලැක්වීමට 85% ක් පමණ ඵලදායී වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(VIDEO) NPP මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන :වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්වයක්

අද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද...

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ට්‍රම්ප්ට කිසිවක් ලැබී නොමැති බව ඉරාන උත්තරීතර නායක කමෙනි කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා යොවුන්...