ගෝල්ෆේස් ප්‍රහාරය : CIDය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශ ගනී

Date:

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව මෙසේ අමාත්‍යාංශ ලේකම්වරයා එහි පැමිණ ඇති අතර එහි නිලධාරීන් මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව සඳහන්.

ගෝල්ෆේස් අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීම සඳහා අරලියගහ මන්දිරයේ සිට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට කටයුතු නොකර, එම ප්‍රහාරය සඳහා ඔවුන්ට ගෝල්ෆේස් පිටියට පැමිණීමට ඉඩ හරින ලෙස පොලිසියට නියෝග කළේයැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට චෝදනා එල්ල වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...