පරිසර යුක්ති කේන්ද්‍රය විසින්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්භන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පරිසර යුක්ති කේන්ද්‍රය විසින්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබේ.

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස එම මෝසම තුළින් සඳහන් කර ඇත.

එම මෝසම තුළින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ , මහජන සුබසාධන නඩුකාරයන් වශයෙන් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙසත්ය .

එම මෝසම හෙට (24) දින සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත බව සඳහන් වේ.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...